2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

අඛණ්ඩව 39 වැනි වරටත් සිඬාලේප සමාගම ශ්‍රිපාද සේවයේ

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 01:00 54

වර්ෂ 1979 සිට සිඬාලේප සමාගම ශ්‍රි පාද කරුණා කරන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පවත්වාගෙන යන ප‍්‍රජා සත්කාර මෙවරත් ඉතා ඉහළින් සංවිධානය කොට තිබේ.

සීතලට, කකුල් කැක්කුමට සිඬාලේප ආලේප කිරීමත්, උණු උණු ලක්පේයාව කෝප්පයකින් සංග‍්‍රහ කිරීමත්, විඩාවට පත් බැතිමතුන්ට මහත් අස්වැසිල්ලකි. එකවර 200 දෙනෙකුට පමණ ගිමන් හැරීමට සුදුසු පරිදි පනවා ඇති ගඟුලතැන්න සිඬාලේප ප‍්‍රථමාධාර මධ්‍යස්ථානය දෙස් විදෙස් බැතිමතුන්ගේ විශේෂ අවධානයට ලක්වූවකි.

ශ්‍රී පාද ගමන්මග පුරාවට කසළ කළමණාකරණය පිළිබඳව ජනතාව දිරිගන්වමින් කසළ බඳුන් ස්ථානගත කොට ඇති අතර, නුවර එළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධක්‍ෂක කාර්යාලය හා එක්ව සෞඛ්‍ය පණිවිඩ මගින් බැතිමතුන්ගේ සනීපාරක්‍ෂාව පිළිබඳව දැනුවත් කර ඇත. උඳුවප් පොහොය සිට වෙසක් පුන් පොහොය දක්වාම මෙම සත්කාරය නොකඩවාම සිදුකරයි.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00