2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

සකසුරුවමින් ජීවිතය ජයගන්න මහජන බැංකුව සමඟ ඉතිරි කරන්න

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

ඉතාලියේ මිලානෝ නුවරදී 1924 ඔක්තෝබර් මස පැවැති පළමු ජාත්‍යන්තර සකසුරුවම් කොංග‍්‍රසය අවසානයේදී  ඔක්තෝබර් මස 31 ලෝක සකසුරුවම් දිනය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි. ලෝකයේ වෙසෙන සියලුම ජන කොටස් තුළ සකසුරුවම යන සංකල්පය පිළිබඳව දැනුවත් භාවයක් ඇතිකිරිම, ඉතිරිකිරීම දිරිමත් කිරීම, එමගින් උසස් ජීවන තත්ත්වයක් ගොඩනැඟීම සඳහා පදනම සකසාදීම මෙහි අරමුණ විය. කිසියම් රටක ආර්ථීක වර්ධනයට සහ සංවර්ධනයට ඉතිරි කිරීම ඉතා වැදගත් වේ. ඉතිරි කිරීමේ පුරුද්ද ජනතාව අතර සකසුරුවම් බව ප‍්‍රවර්ධනය කරන අතර, ඒ සමඟම රටක සමාජිය හා ආර්ථීක වර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් ඒකරාශි කරයි.

පුරා පනස්හය වසරක් පුරා මහජන බැංකුව, අපේක්ෂා සහිත ශ්‍රී ලාංකිකයන්ට ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකිරීම සඳහා විවිධ ඉතුරැම් ක‍්‍රම හඳුන්වා දුන්නේය. එමෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගනිමින් සුවිශේෂි විසඳුම් ලබාදීමට සමත් වූ අතර, බැංකුකරණයේ සම්ප‍්‍රදායික සීමාමායිම් ඉක්මවා යමින් නිරන්තරයෙන් දියුණු වන ලෝකය සමඟ පෙරට ගමන් කිරීමට මහජන බැංකුව කටයුතු කළේය. 

එහි සුවිශේෂි පියවරක් ලෙස නූතන ගනුදෙනුකාර අවශ්‍යතාවයන්ට අනුරූප වන සේ මෙරට බැංකුකරණයේ නිම්වළලු පුළුල් කරමින් මහජන බැංකුව ඩිජිටල් බැංකුකරණය වෙතද පිවිස තිබේ.

අලුත උපන් බිළිඳාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වාම වූ විවිධ ගිණුම් ක‍්‍රම දැයට හඳුන්වා දී ඇති මහජන බැංකුව දරුවන් උදෙසාම වෙන්වූ මූල්‍ය ඉතුරුම් සඳහා ඉසුරු උදාන ගිණුම හඳුන්වා දී ඇත. අලුත උපන් දරුවනට තිළිණ කිරීමට කදිම තිළිණයක් වන ඉසුරු උදාන තිළිණ පතද මහජන බැංකුව විසින් හඳුන්වා දී ඇති අතර, එය භෞතික තෑගි භාණ්ඩ රැගෙන යාම වෙනුවට දරුවා වෙනුවෙන්  ඉතිරි කිරීමට හුරු කිරීමට රුකුල් දීමක් වෙයි. අලුත උපන් බිළිඳුන් බැලීමට, ඉඳුල් කටගෑම, අකුරු කියවීම, උපන්දින සැමරුම ආදී සුබ කටයුතු සඳහා සහභාගි වීමටද ඉසුරු උදාන තිළිණපත් යොදාගත හැකිය. බාහිර වටිනාකම් ඇති දේ තිළිණ කරනවාට වඩා ඉසුරු උදාන තිළිණ පතක් ලබාදී ඔවුන්ගේ අනාගතය දියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තියට දායකවීමේ අවස්ථාව ලබාදිය හැක. රුපියල් 200/=, 500/=, 1,000/= සහ 2,000/= වටිනාකමින් යුත් මෙම ඉසුරු උදාන තිළිණපත් ඉසුරු උදාන ගිණුමට තැන්පත් කිරීම හෝ නවතම ගිණුමක් ආරම්භ කිරීම සඳහාද යොදා ගත හැක. මෙම තිළිණපත් මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් මිලදී ගැනීමට පහසුකම් සළසා ඇත.

මෙම ඉසුරු උදාන ගිණුම් දරුවාට වයස අවුරුදු 5 සම්පූර්ණ වනවිටම  සිසු උදාන ගිණුම බවට පරිවර්තනය වේ. 
එමෙන්ම සිසුඋදාන ගිණුම් හිමි පහේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට වටිනා ත්‍යාග පිරිනැමීමටද මහජන බැංකුව කටයුතු යොදා ඇත. ඒ අනුව දිවයිනේ ප‍්‍රථම, දෙවැනි සහ තුන්වැනි ස්ථාන ලබාගන්නා දරුවන් වෙත පිළිවෙලින් රුපියල් 150,000ක්, රුපියල් 125,000ක් සහ රුපියල් 100,000 ක් බැගින් වූ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරේ. දිස්ත‍්‍රික්ක මට්ටමේ ශිෂ්‍යත්ව පිරිනැමීමේදී සෑම දිස්ත‍්‍රික්කයක ම ප‍්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය සහ තුන්වැනි ස්ථානය දිනාගන්නා දරුවන් වෙත පිළිවෙළින් රුපියල් 25,000 ක්, රුපියල් 20,000 ක් සහ රුපියල් 15,000ක් පිරිනැමේ.

මීට අමතරව දිස්ත‍්‍රික් කුසලතාවය අනුව රුපියල් 5,000 බැගින් වූ විශේෂ ශිෂ්‍යත්ව 2,000ක් මෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත‍්‍රික් කඩඉම් ලකුණු පසුකරන, සිසු උදාන ගිණුම් හිමි සෑම දරුවකුටම තෑගි පිරිනැමීමටද මහජන බැංකුව පියවර ගෙන ඇත. එසේම, සෑම දිස්ත‍්‍රික්කයකම ප‍්‍රථම දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගන්නා දරුවන්ගේ පාසල්වලටත් මුදල් ත්‍යාග හිමිවේ.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00