2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් ගම්පොළ නගර ශාඛාව නව පරිශ්‍රයකට

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

ශ්‍රී ලාංකික මූල්‍ය ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙක් වන එල් බී ෆිනෑන්ස් සමාගම තම ශාඛා ජාලය තවත් ශක්තිමත් කරමින්, දීපව්‍යාප්තව විසිරී තම කාර්යක්ෂම සේවාව හිතවත් පාරිභෝගික ඔබට ලබාදීමට කටයුතු කරයි. මූල්‍ය සේවාවන්ට නව අරුතක් හඳුන්වා දුන් එල්.බී ෆිනෑන්ස් සමාගම පාරිභෝගික ඔබ වෙනුවෙන් පෙරටත් වඩා කාර්යක්ෂම සහ පහසු සේවාවක් ලබාදීම සඳහා තම ගම්පොල නගර ශාඛාව එම නගරයේම ඊට ආසන්න නව පරිශ්‍රයක පෙරටත් වඩා සුවපහසු ආයතනික වටපිටාවක් සමග ස්ථාපිත කරන ලදී. 

මූල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස මෙම ගම්පොල නගර ශාඛාව නො 66, නාවලපිටිය පාර, ගම්පොල යන නව පරිශ්‍රයේදී විවෘත කෙරුණු අතර එය එල්.බී ෆිනෑන්ස් සමාගමේ නිරෝෂන් උඩගේ මහතා සහ බී.ඩී.ඒ. පෙරේරා මහතා යන විධායක අධ්‍යක්ෂවරුන්ගේ  ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන්  විවෘත කෙරුණි. 

මෙහිදී ගම්පොල ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා පෙරට වඩා ඉක්මනින් හා පහසුවෙන් ලබාදීමට හැකි වන අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං, රන් ණය සේවාව, දේපල ණය, ආන්තික ණය වැනි මූල්‍ය පහසුකම්ද, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරුම් තැන්පතු වැනි ආයෝජන අවස්ථා හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ගම්පොල ජනතාවට උදාවනු ඇත.