2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මොබිටෙල් සුපිරි මොන්ටේරෝ වාසි දෙවැනි අදියරෙන් තවත් ජයග්‍රාහකයෙක්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි වැඩසටහන අඛණ්ඩව දියත් කරමින් 2017 දී තවත් සුඛෝපභෝගී මොන්ටේරෝ රථ 12ක් ප්‍රදානය කෙරේ.

2017 අගොස්තු වනවිට පාරිභෝගිකයින් 145,808ක් වෙත රු. මිලියන 248ක් වටිනා ත්‍යාග හිමිකර දී ඇත. 
ශ‍්‍රී ලාංකික ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්හි කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි වැඩසටහන අඛණ්ඩව මෙන්ම ඉතාම සුවිශේෂී ලෙස 2017 වසරේ අගොස්තු මාසයත් අති සාර්ථකව පසු කරනු ලැබුවේ, සුපිරි මට්ටමේ ත්‍යාග රැසක් තිළිණ කර දීමේ ප‍්‍රතිඵලයක් ලෙස දැවැන්ත පාරිභෝගික පිරිසකගේ ආකර්ෂණය මෙම වැඩසටහනට උපරිමව හිමිව ඇති බවට සාක්‍ෂි දරමිනි. 2017 අගෝස්තු මස මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි වැඩසටහනේ වාසනාවන්ත ජයග‍්‍රාහකයා වූයේ පුස්සැල්ලෑවේ එම්.එම්.අශෝක සමන් කුමාර මහතාය. ඔහුට හිමි ත්‍යාගය පිරිනමනු ලැබුවේ මොබිටෙල් ජ්‍යෙෂ්ඨ අලෙවිකරණ සාමාන්‍යධිකාරී ඉසුරු දිසානායක මහතා හා මොබිටෙල් ජ්‍යෙෂ්ඨ සාමාන්‍යධිකාරී විකුණුම් හා චැනල් සංවර්ධන චන්දික විතාරන මහතා විසිනි. 2017 වර්ෂයේ අගෝස්තු  මස ත්‍යාග ප‍්‍රදානෝත්සවය සැප්තැම්බර් 23 වැනිදා කුරුණෑගල, මාලිගාපිටිය ක‍්‍රීඩාංගණයේදී පැවති අතර ඒ හා සමගාමීව පවත්වනු ලබන දැවැන්ත සැණකෙළිය (Carnival)  සහ ජනප‍්‍රිය ගී තරු රැසක් සහභාගී වූ සංගීත ප‍්‍රසංගය, “ Flash Back ” සංගීත කණ්ඩායම සමගින් උත්සවාකාරයෙන් පවත්වන ලද්දේ පැමිණ සිටි සියලුම දෙනා වෙත සතුටින් පිරි අමරණීය මතකයන් එක්කර දෙමිනි.

මෙම වැඩසටහන මගින් ජනතා උද්‍යෝගය ඉහළින් ජනිත කරන ලද අතර එය ක‍්‍රමයෙන් වැඩි වෙමින් ඉදිරියට ඇදී යන්නේ මොබිටෙල් වෙතින් 2017 වසර තුළ ඉදිරි මාස 4 සඳහා තවත් සුඛෝපභෝගී මොන්ටේරෝ රථ 4ක් බෙදා දීමට ඉතිරිව ඇති බව ජනතාවට පසක් කර දෙමිනි. මෙම වැඩසටහන මගින් වසරක් තුළ එක් මාසයකට එක් වාසනාවන්ත ජයග‍්‍රාහකයකු බැගින් මාස 12 සඳහා සුපිරි ජයග‍්‍රාහකයින් 12 දෙනෙකු වෙත වටිනා මොන්ටේරෝ රථ 12ක් තිළිණ කරනු ලබයි. ඊට අමතරව, මොබිටෙල් විසින් වසර පුරා 219,000 ක්වූ වාසනාවන්ත මොබිටෙල් පාරිභෝගික පිරිසක් සඳහා රු. 500 බැගින් වූ මුදල් ත්‍යාග ද තිළිණ කරනු ලබයි. සමස්තයත් ලෙස 2017 වසර තුළ, මොබිටෙල් පාරිභෝගික ප‍්‍රජාව අපේක්‍ෂාවන්ගෙන් සැදී පැහැදී සිටිනුයේ රු. මිලියන 350ක් හිමිකර ගැනීමටය.

මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන සමග සම්බන්ධ වීම සඳහා ඕනෑම මොබිටෙල් පෙර ගෙවුම්, පසු ගෙවුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයෙකුටම අවස්ථාව හිමිවේ. සෑම රු. 50ක රීචාජ් කිරීමක්, රීලෝඩ් එකක් හෝ පසු ගෙවුම් බිල් ගෙවීමක් ඒ සඳහා වලංගු වේ. පෙර ගෙවුම් සබඳතා හිමි පාරිභෝගිකයන්ට හිමි දිනපතා මුදල් ත්‍යාග ලෙස එම මුදල හා සමාන කතා කාලයක් හිමිවන අතර ජයග‍්‍රාහී පසු ගෙවුම් පාරිභෝගිකයින් හට ඔවුන්ගේ බිල්පත සඳහා වට්ටම් හිමිකර දෙයි. කෑෂ් බොනැන්සා ජයග‍්‍රාහකයන් දැනුම් දෙනු ලබන්නේ මොබිටෙල් පාරිභෝගික සේවා ක්‍ෂණික ඇමතුම 071 27 55 777 මගින් සහ ලිඛිතව තැපැල් මාර්ගයෙනි. පාරිභෝගිකයින් විසින් දිනා ගනු ලැබූ කිසිදු ත්‍යාගයක් වෙනුවෙන් අමතර ගාස්තුවක් අය නොකෙරේ.