2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

APEX ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉහළින් අගයයි

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාර සේනක බණ්ඩාරනායක  මහතා (මැද) ගුවන් සේවය වෙනුවෙන් සම්මානය ලබාගන්නා අයුරු

ශ්‍රීලංකන් ගුවන්  සමාගම සිය  විශිෂ්ටත්වය නැවත වරක් විදහා දක්වමින් ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත  ඇගයුම් කර සම්මාන ලබාදීමේ  වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) සම්මාන උළෙලේදී තරු 4 පන්තියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට  පසුගියදා සමත් විය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන  විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ මෙම විශිෂ්ටතා ඇගයුම ලබාගැනීමට හැකිවීම පිළිබඳව ගුවන් සමාගම ඉතා සතුටට පත්වන බවත් ගුවන් මගී ප්‍රතිචාර මත මෙම ඇගයුම හිමිවීම තුළින්  මෙම සම්මානය ඉතා වැදගත් කොට සළකන බවත්ය. ඒ මහතා  වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදී ඔවුන් තෘප්තිමත් කරමින් ඉදිරියේදී තරු 5 පන්තියේ  (Five Star)  ඇගයුම් ලබාගැනීමට කටයුතු කර සිටින බවයි.

APEX සංවිධානය (www.apex.aero) යනු ලෝකයේ ලාභ ඉපයීම අරමුණු කර නොගත් ගුවන් සේවා මගී අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කර සිටින සංවිධානයකි.

ශ්‍රිලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ “ගුවන් සමාගමේ සෑම සේවකයකුම අඛණ්ඩව සාමුහිකව කටයුතු කිරීම සහ සේවාවන් අඛණ්ඩව නව්‍යකරණය කිරීම මත මෙම විශිෂ්ට ඇගයුම් ලබාගැනීමට හැකිවූ බවයි. එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලෝකයේ අනෙකුත් ගුවන් සේවා සමඟ තරගකාරීව කටයුතු කිරීමේ හැකියාව ඇති බවට මෙමගින් පෙන්නුම් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සමීක්ෂණයට ගෝලීය වශයෙන් ගුවන් සේවා 470 ක් ඇගයීමට ලක්කළ අතර එම ගුවන් සේවා අතරින් 12% පමණක් තරු 5  පන්තියේ  (five-star)  ඇගයුමක් ලබාගෙන ඇත. ඉතිරි 14% ගුවන් සේවා සදහා  තරු 4 පන්තියේ (four-star) ඇගයුම හිමි වි ඇත. මෙම five-star  ඇගයුම සඳහා 2016 ඔක්තෝබර් මස 24 වැනිදා සිට 2017 ජූලි මස 31 වැනිදා දක්වා සිදුකළ ගුවන් ගමන් 500,000ක් තෝරා ගනිමින් ගුවන් මගීන් විසින් නම් ගම් මනඃකල්පිත ලෙස මෙම ඇගයුම සිදුකර ඇත.

මෙම සම්මාන උළෙල පසුගිය සැප්තැම්බර් 25 වැනි දින ඇ‍ෙමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ හි APEX EXPO සම්මන්ත්‍රණයේ දී පැවැත්වූ අතර ඒ සඳහා ගුවන් සේවා වෘත්තිකයන් 4000ට අධික ප්‍රමාණයක් ගුවන් සේවාවන්ට අදාළ තාක්ෂණය, නිෂ්පාදන සහ සේවා ඉදිරිපත්  කරන ලදී.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00