2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ග්‍රෑන්ඩ් කැන්ඩියන් සම්මාන දිනයි

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 10:23 55

 

I ජේ.ඒ.එල්. ජයසිංහ

මහනුවර අති සුපිරි සංචාරක හෝටලයක් වූ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයට පසුගියදා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මගින් සංචාරකයන්ට සේවාව  සපයන සුපිරි තරු පහ පන්තියේ සම්මාන තිළිණය ප්‍රදානය කෙරිණි.

සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයට හිමි තරු පහ සම්මානය එම ආයතනයේ සභාපති ගාමිණී වීරරත්න මහතා වෙත පිළිගැන්වූ අවස්ථාවයි මේ.

කාමර 100කින් යුත් සුපිරි පහසුකම් හා සේවාවන් සපයන මහනුවර ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් වූ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලය මහනුවර නගරයේ පිහිටි සුපිරි සංචාරක හෝටල් සමූහයන් අතරින් ප්‍රධාන තැනක් ගනී.