2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

Huawei සේවා මධ්‍යස්ථානයක් කොළඹත්

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 10:02 45

 

මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිය ප‍්‍රථම සේවා මධ්‍යස්ථානය කොළඹ දී විවෘත කළේය. දිවයින පුරා  Huawei ස්මාර්ට්ෆෝන් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළෙහි තවත් අදියරක් ලෙස මෙම සේවා මධ්‍යස්ථානය විවෘත කර තිබේ.  මෙමගින් Huawei සන්නාමය යටතේ  වෙළඳපොළට පැමිණි සියලු ස්මාර්ට්ෆෝන් සහ ටැබ් සඳහා අලෙවියෙන් පසු සේවා පහසුකම් සැපයීමට නියමිතය. මෙම සේවා මධ්‍යස්ථානය 9/1/2 දුම්රියපළ පාර, කොළඹ 4 යන ලිපිනයේ පිහිටා තිබේ.

මෙම සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානි හෙන්රි ලියු, සාමාන්‍යධිකාරි කල්ප පෙරේරා, යන මහත්වරු මෙන්ම සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ කළමනාකාරීත්වයද එක්ව සිටියහ. 
Huawei ස්මාර්ට්ෆෝන් සහ ටැබ් අලුත්වැඩියා කිරීම සඳහා මෙම සේවා මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර වගකීම් සහතිකයට අදාළ කාල සීමාව තුළ නඩත්තු කටයුතු සහ සේවා කටයුතු සිදුකිරීමද මෙහි තවත් සේවාවකි. සුදුසුකම් ලත් පුහුණු තාක්ෂණික ශිල්පීන් විසින් මෙම අලුත්වැඩියා කිරීම් සහ නඩත්තු කටයුතු සිදුකරන අතර Huawei ස්මාර්ට්ෆෝන් සහ ටැබ් භාවිත කිරීම සඳහා වන පාරිභෝගික උපදෙස් ද එම කාර්ය මණ්ඩලය විසින් ලබාදීම සිදුකරයි. මෙම කාර්ය මණ්ඩලය Huawei ප‍්‍රධාන කාර්යාලයේ අධීක්ෂණය යටතේ විශේෂයෙන් පුහුණව ලැබූ පිරිසකි. විවිධ අපේක්ෂා සහිත පාරිභෝගිකයන් ආමන්ත‍්‍රණය කරමින් Huawei සන්නාමය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම සේවා පහසුකම් ව්‍යාප්ත කිරීම Huawei විසින් සිදුකර තිබේ.

Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානි හෙන්රි ලියු මහතා මෙම අවස්ථාව අමතමින් සඳහන් කළේ කලාපීය වශයෙන් අඛණ්ඩව වර්ධනය වන ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ Huawei විසින් මැනවින් හඳුනා ගෙන ඇති බවයි. මේ නිසා Huawei පාරිභෝගිකයින් සඳහාම වෙන්වූ සුවිශේෂී සේවා මධ්‍යස්ථානයක් මගින්  මෙරට පාරිභෝගිකයින්ට සේවා රැසක් ලබාගත හැකි බව ඒ මහතා.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00