2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

Singer Fashion Show 2017 සිංගර් ෆැෂන් ඇකඩමියේ සිසු සිසුවියන්ගේ දක්ෂතා

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

Singer Fashion Show සහ සම්මාන උළෙල 2017 පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙම සම්මාන උළෙලේදී සිංගර් ෆැෂන් ඇකඩමියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ඇගයීමට පාත‍්‍ර විය. මෙම සිසු සිසුවියන් සිංගර් ෆැෂන් ඇකඩමියේ පාඨමාලා හදාරමින් සිටින අතරතුරදීම සිය නිර්මාණ ඉදිරිපත් කරමින් සම්මාන දිනාගැනීමට අවස්ථාව හිමිකර ගැනීම මෙහිදී දක්නට ලැබුණ විශේෂත්වයකි.

මෙම අවස්ථාවට සමගාමීව උඩරට විලාසිතා, සැහැල්ලූ ඇඳුම් විලාසිතා, කාර්යාලයීය විලාසිතා, ළමා ඇඳුම්, ක‍්‍රීඩා ඇඳුම්, සැඳෑ විලාසිතා, ඉන්දීය විලාසිතා ආදී වශයෙන් විලාසිතා අංග 7ක් යටතේ විලාසිතා දැක්මක් පැවැත්විණ. එම විලාසිතා අංග යටතේ ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතුරින් පළමු ස්ථානය, දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය ආදී වශයෙන් ජයග‍්‍රාහකයන් තෝරා ඔවුන් වෙත සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණ. තවද ප‍්‍රධානතම පාඨමාලා දෙක වන විද්‍යානුකූල ඇඳුම් මැසීම සහ මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ ඩිප්ලෝමාවන් සාර්ථකව නිමකළ සිසු සිසුවියන් වෙත සහතික පත් පිරිනැමීම ද මෙහි ප‍්‍රධාන අංගයක් විය.

ඉහත සඳහන් කර ඇති ඩිප්ලෝමා පාඨමාලා නිමකළ සමස්ත ලංකා ජයග‍්‍රාහකයන් තෝරා ගැනීමක් ද සිදු වූ අතර ඔවුන් වෙත සහතික පත‍්‍ර සහ වටිනා ත්‍යාග පිරිනැමීමක් සිදු කෙරිණ. මෙහිදී සිංගර් විලාසිතා දැක්මට සිය නිර්මාණ ඉදිරිපත් කළ සෑම සිසු සිසුවියකටම සහතික පත‍්‍රයක් හිමිවීම විශේෂත්වයකි. තවද විලාසිතා දැක්මෙහි එක් එක් අංශයන්හි ජයග‍්‍රාහකයන් සහ ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ පැවැති විභාගයේදී සමස්ත ලංකා මට්ටමින් වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන්ට වටිනා සිංගර් මහන මැෂින් ත්‍යාග වශයෙන් පිරිනැමිණ. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් ශ‍්‍රී ලංකා සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි  අසෝක පීරිස් මහතා කියා සිටියේ  සිංගර් ෆැෂන් ඇඩකමිය විසින්  සිසු සිසුවියන්ගේ දක්ෂතා හා කුසලතා ප‍්‍රදර්ශණය කිරීම සඳහා මෙවර සිංගර් විලාසිතා දැක්ම සංවිධානය කළ බවයි.  හුදෙක් ඇඳුම් මැසීම පිළිබඳව ඉගැන්වීම සදහා පමණක් සීමා නොවී සිය සිසු සිසුවියන් වෙත දැනුම  සම්පාදනය කරමින්  ඔවුන් නිර්මාණශිලීත්වය වර්ධනය කරලීම සඳහා  සිංගර් ෆැෂන් ඇකඩමිය කටයුතු කර ඇති බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.