2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම වරට Mobitel, ‘MedHack වෙතින් වෛද්‍ය හැකතනයක් (Hackathon) සංවිධානය කරනු ලබයි

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත නවීන තාක්ෂණික විසඳුම් පිරිනැමීමේ අරමුණින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහාම වෙන්වූ Hackathon තරගයක්  “MedHack” මින් පැවැත්වීමට Mobitel සැලසුම් කර ඇත. ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතන‍යේ (ICTA) සහයෝගිත්වයෙන්  එය සංවිධානය කර තිබේ. වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන්, තාක්ෂණික විශේෂඥයන් හා ගැටලු නිරාකරණය කරන්නන් ඒකරාශී කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින අභියෝග සඳහා විසඳුම් සෙවීම MedHack අරමුණ වේ. ඩිජිටල් සෞඛ්‍ය සේවා සැපයීමේ පුරෝගාමී ආයතනයක් සහ ශ්‍රී ලංකාවේ විශාලතම වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලය වන eChannelling ආයතනය තම ඩිජිටල් සේවා ක්ෂේත්‍රය සවි බලගැන්වීමේ ප්‍රමුඛයා බවට පත්කර ගනිමින් මොබිටෙල් විසින් දියත්කරනු ලබන තවත් ජාතික ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්විය හැක.

MedHack තරගයේ පළමු අදියරයෙදී ඕනෑම කෙනකුට තරගයේ වෙබ් අඩවියට පිවිස තාක්ෂණය යොදාගනිමින් දියුණු කළ හැකි හෝ විසඳිය හැකියැයි තමන් විශ්වාස කරන, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඔවුන් මුහුණ දුන් ගැටලු ඉදිරිපත් කළ හැක. මෙසේ ලබා ගන්නා ගැටළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥයින් විසින් සමාලෝචනය කර තරග අභියෝගතා ලෙස වෙබ් අඩවියේ පළ කරනු ලබයි. ප්‍රකාශයට පත්කරන ලද එම අභියෝගයන් සමඟින් Hackathon සඳහා ලියාපදිංචිය අගෝස්තු 25 වැනිදා සිට https://mic.lk/medhack/sin/ වෙබ් අඩවිය ඔස්සේ ඇරැඹුණු අතර, මේ සඳහා ලියාපදිංචි විය හැකි අවසන් දිනය වනුයේ සැප්තැම්බර් 14 වැනිදාය. ලැබෙන අයදුම්පත් අතරින් තෝරාගන්නා කණ්ඩායම් සැප්තැම්බර් 18 වැනිදා ප්‍රකාශයට පත් කරන අතර, Hackathon තරගය සැප්තැම්බර් 23 සහ සැප්තැම්බර් 24 දෙදින පුරා Trace Expert City හි පිහිටි Mobitel නවෝත්පාදන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගයෙන් එළි දකින නවෝත්පාදන, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා පරිසර පද්ධතිය පෝෂණය කිරීමට මහඟු දායකත්වයක් දක්වනු නොඅනුමානය. එම නවෝත්පාදන සාර්ථකත්වය කරා ගෙනයාමේ ගමනට Mobitel,  සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතන‍ය (ICTA) හා එක්ව අත්වැලක් වෙමින් ඔවුන්ට උපකාර හා මඟපෙන්වීම් කරනු ඇත. MedHack තරගය සහ ලියාපදිංචි වීම පිළිබඳ වැඩි විස්තර සඳහා https://mic.lk/medhack/sin/ වෙත පිවිසෙන්න.