2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ  ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවෙන බව වාර්තා වී තිබුණත් ශ්‍රීලංකන් ගුවන් සමාගම එවැනි කිසිදු ප්‍රවේශ පත්‍ර ලබාදීමක් නොකරන බව දැනුම් දී සිටියි. එසේම එය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවර්ධන කටයුත්තක් නොවන බවද ඉතා වගකීමෙන් සඳහන් කරයි.

එය අපගේ වටිනා පාරිභෝගිකයන් නොමඟයැවීමට උත්සාහ කරන ව්‍යාජ වෙබ් අඩවියක් මගින් සිදුකරන්නකි. කරුණාකර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙබ් අඩවියට සෘජු සම්බන්ධයක් නැති ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට උත්සහ නොකරන්න. මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Partner Flies Free’ දීමනාව www.srilankan.com වෙබ් අඩිවිය  හරහා පමණක් පාරිභෝගිකයන්ට නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශ පත් පිරිනැමීමට කටයුතු කර ඇත.

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සෘජුව මැදිහත් වීමකින් සිදු නොකරන ප්‍රවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ශ්‍රීලංකන් ගුවන් සමාගම නොගන්නා බවද දැනුම් දී සිටියි. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ලබාදෙන ඕනෑම වෙනත් ප්‍රවර්ධන දීමනා සඳහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට  දැනගත හැකි අතර එය අපගේ එකම නිත්‍යනුකූල වෙබ් අඩිවිය වේ.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00