2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් 1000 ක් TVS King එක්ක රජ ගමනේ

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

අබාන්ස් ඔටෝ විසින් 2017 ජූනි 28 වන දින ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත හඳුන්වා දුන් TVS King 200cc ත්‍රීවීලරය මාස 3 ක් වැනි කෙටි කාලයක් ඇතුළත පාරිභෝගිකයන් 1000ක ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්ව සිටියි. කලින් සැලසුම් කර තිබූ 50ක ප‍්‍රදර්ශනාගාර සංඛ්‍යාව අතරින් 30 ක ප‍්‍රමාණයක් මේ වන විට විවෘත වී ඇති අතර බලයලත් අලෙවි නියෝජිතයෝ 100 ක් දිවයින පුරාම ආවරණය වන පරිදි ක්‍රියාත්මකව සිටිති. දේශීය පාරිභෝගිකයන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා හඳුනාගනිමින් ඒවා ඉහළින්ම සපුරාලීම සඳහා ලොව සුපතල වෙළඳනාමයක් ඔවුන් වෙත වඩාත් සමීප කරවීමට අබාන්ස් ඔටෝ කටයුතු කර ඇත. 

ඉන්දියාවේ ප‍්‍රධානතම යතුරුපැදි සහ ත්‍රීවීලර් නිෂ්පාදකයා වන TVS මෝටර් සමාගම අබාන්ස් ඔටෝ සමාගම සමඟින් එක්ව ආරක්‍ෂාකාරී, කල් පවතින, ශ‍්‍රී ලංකාවේ මාර්ග තත්ත්වයන්ට සහ කාලගුණික තත්ත්වයන්ට හොඳින්ම ගැලපෙන රථ හඳුන්වාදෙනු ලබයි.

උපරිම ආරක්‍ෂාව සහ සුව පහසුව ඉහළින්ම තහවුරු වන පරිදි නිර්මාණය කර ඇති TVS King ත්‍රීවීලරය පැද යන්නාට වගේම මගීන්ටත් උසස් තෘප්තිමත් බවක් හිමිකර දෙයි. 200cc ප‍්‍රබල එන්ජිම, නවීනතම Low-friction 7-Port එන්ජිම මෙහි ඇති ඉහළින්ම කැපී පෙනෙන සුවිශේෂී විශේෂාංගයි. උසස් කාර්යක්‍ෂමතාවයකින් සමන්විත එන්ජිම අඩු එක්සලරේටර් බලයකින් වැඩි ජවයක් ලබා දෙන අතර කඳු නැඟීමේ දී මෙන්ම අධික මාර්ග තදබදයක දී 35km/L ක උපරිම ඉන්ධන කාර්යක්‍ෂමතාවයකින් ධාවනය කරයි. 

අතින් ක්‍රියා කරවිය හැකි රිවර්ස් ගියර් ශිෆ්ටරය වෙනත් කිසිදු ත්‍රීවීලරයක දැකිය නොහැකි මෙයටම පමණක් ආවේණික විශේෂාංගයක් ලෙස හැඳින්වෙන අතර රියදුරුගේ සහ මගීන්ගේ සුව පහසුව සහ ආරක්‍ෂාව තහවුරු කරයි. මෙහිදී ගියර් මාරු කිරීම සඳහා පහත් වීමට අවශ්‍ය නොවන බැවින් මාර්ගය දෙසටම දෙනෙත් යොමු කරමින් සිටින අතරවාරයේම ගියර් මාරු කිරීමේ අවස්ථාවද හිමි වේ. 

TVS King ත්‍රීවීලරය මාදිලි 3කින් ලබාගත හැකි අතර මූලික මාදිලිය (GS), ෆුලි ලෝඩඩ් මාදිලිය (FLD) සහ ෆන් බ්‍රෙඩ් මාදිලිය (FB) රතු, කොළ, නිල්, කළු, කහ සහ සුදු ඇතුළු ආකර්ෂණීය මනරම් වර්ණයන්ගෙන් ලබාගත හැක. 

TVS King ත්‍රීවීලර් සඳහා සුපිරි අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමට අබාන්ස් ඔටෝ විසින් 400කට අධික සේවා මධ්‍යස්ථාන ජාලයක් ක්‍රියාත්මක කර ඇත. මෙම සියලූ සේවා  මධ්‍යස්ථානයන් වල විදෙස් පුහුණුව ලත් දක්‍ෂ පළපුරුදු කාර්මිකයන් සේවයේ නිරත වන  අතර තෙල් මාරැ කිරීම වැනි සරල සේවාවක සිට වෙනත් සංකීර්ණ අලුත්වැඩියාවන් පවා  පහසුවෙන් සිදු කර දෙන අති නවීන යන්ත්‍රෝපකරණයන් එහිදී දැක ගත හැකි වනු ඇත.  ඔබගේ රථයට හිමිවිය යුතු නිසි නඩත්තුව අකුරටම ලබා ගැනීමේ හැකියාව එහිදී හිමිවනු ඇති අතර TVS සේවා මධ්‍යස්ථානයක් වෙත පිවිසෙන සෑම පාරිභෝගිකයෙකුම ඉහළින්ම  තෘප්තිමත් වන පරිදි උසස් සේවාවක් නිසැකවම ලැබෙනු ඇත.