2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

සිංගර් සහ Huawei හි සාර්ථකත්වයට හවුල් වූවෝ Digital Awards 2017 දී ඉහළින්ම ඇගයීමට ලක්වෙයි

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

මෙරට ගෘහස්ථ භාණ්ඩ  අලෙවියේ හා බෙදාහැරීමේ ප‍්‍රමුඛයන් වන සහ මෙරට ප‍්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei හි ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ‍්‍රී ලංකා (පීඑල්සී) විසින්  අලෙවිකරණයේ දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයන් අගයයි. Singer Digital Awards 2017 ලෙස නම් කර තිබු මෙම උත්සව අවස්ථාව සිංගර් ශ‍්‍රී ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, Huawei Sri Lanka හි ප‍්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්  සහ එම සමාගම්වල කළමනාකාරීත්වයේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. Huawei නිෂ්පාදන අලෙවියේදී ඉහළ දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයෝ මෙම සම්මාන උළෙලේදී ඇගයීමට පාත‍්‍ර වූහ.

තෝරාගත් සිංගර් අලෙවි නියෝජිතයින් සහ සිංගර් ඩිජිටල් මාධ්‍ය අලෙවි සේවාවල දක්ෂතා දැක්වූවන් ඇගයීම මෙහිදී සිදුවිය. දිවයින පුරා විහිදුනු 1200කට අධික පිරිසකගෙන් සමන්විත  දිවයිනේ පුළුල්තම පුළුල් අලෙවි ජාලය සිංගර් ශ‍්‍රී ලංකා සතු වෙයි. මෙම අලෙවි නියෝජිතයින් බලගැන්වීම සිංගර් ශ‍්‍රී ලංකා සමාගම විසින්  සිදුකරන අතර Huawei සන්නාමයෙහි තිරසාර සාර්ථකත්වය එහි අරමුණයි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා පෙන්වා දුන්නේ සිය ව්‍යාපාරික හවුල්කරුවන් හා එක්ව වෙළඳ ඉලක්ක වෙත හඹා යාමේදී දීප ව්‍යාප්ත නියෝජිත ජාලය මහත් ශක්තියක් වන බවයි. පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීම ඔවුන්ගේ සිතැගියාවන් හඳුනාගැනීම සහ සෑම සන්නාමයකම නිෂ්පාදන අලෙවි කිරීම යනාදී කාර්යයන් මගින් මෙම අලෙවි නියෝජිත ජාලය පුළුල් මෙහෙවරක් ඉටු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඉදිරියේදී සිංගර් ඩිජිටල් මීඩියා අලෙවි ජාලය පුළුල් කිරීම තුළින් වෙළඳපොළ ඉලක්ක ජයගැනීමට අපේක්ෂා කරන බව අසෝක පීරිස් මහතා කීය.

ජාත්‍යන්තර කීර්තියට පත්වූ, පාරිභෝගික විශ්වාසය දිනූ සන්නාම වලින් යුතු භාණ්ඩ රැසක් සිංගර් ශ‍්‍රී ලංකා මෙරට වෙළෙඳපොළට ඉදිරිපත් කරයි. Huawei සන්නාමය මෙරටට හඳුන්වා දීමේදී ඒ සඳහා මෙරට එකම සහ හොඳම සුදුස්සා වූයේ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමයි. ඉතා කෙටි කාලයක් තුළ මෙරට ජනතාවට සමීපතම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට Huawei පත්වීම තුළින් සිංගර් ශ‍්‍රී ලංකා හි කුසලතාව මැනවින් ඉස්මතු වී පෙනෙයි. සිංගර් සහ Huawei අතර වෙළඳ සහයෝගිතාවට වසර 5ක් සම්පූර්ණ වීමෙන් පසු පැවැත්වෙන Digital Awards 2017 සම්මාන උළෙලේදී  සිදුවූයේ  එම කාර්යය ඉටු කිරීමට දායක වූ අලෙවි නියෝජිතයන් ඇගයීමට ලක් කිරීමයි.

Huawei ශ‍්‍රී ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා අදහස් දක්වමින් සඳහන් කළේ  මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළට Huawei පිවිසුනු 2012 සිට මේ දක්වා සිංගර් ශ‍්‍රී ලංකා ලබාදුන් සහයෝගය අති විශිෂ්ට බවයි. සිංගර් සමාගම කෙරෙහි මෙරට පාරිභෝගිකයින් තැබූ විශ්වාසය සිය සන්නාමය මෙරට ප‍්‍රමුස්ථානයට ගෙන ඒමට සමත් වූ බව හෙතෙම කියා සිටියේය. Huawei මෙරට තුළ ඉතා කෙටි කාලයකින් දිගු ගමනක් පැමිණ ඇති බවත් එම කාර්යයට සහයෝගය දුන් සිංගර් හි අලෙවි නියෝජිත ජාලය වෙත තම ස්තුතිය පිරිනමන බවත් හෙතෙම කියා සිටියේය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00