2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක මීරිගම දුම්රිය ස්ථානයෙන් ඇරඹේ

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් පසුගියදා මීරිගම දුම්රිය ස්ථානයේදි විවෘත කෙරිණි. ඒ මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක 100ක් දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙළ ආරම්භ කරමිනි.

අති නවීනතම තාක්ෂණයෙන් යුත් මෙම ස්වයං බැංකුකරණ ඒකකය, මුදල් තැන්පතු යන්ත‍්‍රයකින් (CDM) සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් (ATM) සමන්විතය. වසරේ දින 365ම, සතියේ දින හත පුරා, දිනයේ පැය 24ම මෙම පහසුකම් අත්විඳිය හැක.

දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හිදි සිදුකරගැනීමට අවස්ථාව උදාකරමින් මහජන බැංකුව ප‍්‍රවාහන අමාත්‍යංශය හා එක්ව මෙම වැඩපිළිවෙළ දියත් කරන ලදී. දුම්රිය ස්ථාන දර්ශනීය අලංකාර, පොදු ජනතාවගේ සිත් ගන්නා තැනක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කර ඇති නවීකරණ වැඩපිළිවෙලට සහ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ක්‍රියාවලියට සමගාමීව මෙය ක්‍රියාත්මක වේ.

එමෙන්ම මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍ර දෙකක් වේයන්ගොඩ දුම්රිය ස්ථාන පරිශ‍්‍රයේදි විවෘත කිරිමද එදින සිදුකෙරිණි. මෙම අවස්ථාවන්ට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, ප‍්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර්, දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී ආරියරත්න, අනුපා‍්‍රප්තික දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. මහානාම අබේවික‍්‍රම, දුම්රිය ගමනාගමනාධිකාරි විජය සමරසිංහ යන මහත්වරු සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරිහුද, මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වයද සහභාගි වූහ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00