2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ආයතනයට ජාතික කර්මාන්ත සම්මාන 2ක්

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

ජාතික කර්මාන්ත මණ්ඩලයේ මෙහෙයවීමෙන් 16 වැනි වරටත් සංවිධානය කරන ලද  සම්මාන උළෙල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වුණි. එම සම්මාන උළෙලේදී අති විශාල කාණ්ඩය යටතේ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයට හිමිවූ ලෝකඩ සම්මානය ජනාධිපතිවරයා විසින් ද, තවත් විශේෂ සම්මානයක් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග විසින් ද සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ සංජීව විජේර්ත්න මහතා වෙත පිරි නැමිණි. සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ නියෝජ්‍ය මුදල් කළමණාකාරීනි වරුණි පෙරේරා මහත්මියද සම්මාන ලබාගැනීමේ අවස්ථාවට සහභාගී වූවාය. සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහත්වරුන්, කළමනාකාර මහත්ම මහත්මීන් ඇතුළු වෘත්තිය සමිති නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

♦ ගාල්ල රවිදු දීයගහ