2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

කොමර්ෂල් ක්‍රෙඩිට් සවිබල ගන්වන ෆියුචර් මයින්ඩ්ස් 2017

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

නාලන්දා විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් 12 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘ෆියුචර් මයින්ඩ්ස් 2017’ ප‍්‍රදර්ශනය සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් ක්‍රෙඩිට් නිල මුල්‍ය සහකරු ලෙස ක්‍රියා කරයි.

“No One Left Behind” යනුවෙන් නම් කර තිබූ මෙම ජාතික උසස් අධ්‍යාපනික හා වෘත්තීය ප‍්‍රදර්ශනය උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් ගෝලීය අධ්‍යාපනික ප‍්‍රවණතාවයන් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා වාර්ෂිකව ප‍්‍රධාන නගර තුනක පවත්වනු ලබයි.

දහස් සංඛ්‍යායත ජනකායකගෙන් පිරී ගිය ප‍්‍රදර්ශන කුටි හා තොරතුරු මධ්‍යස්ථාන රැසකින් සමන්විත වූ ‘ෆියුචර් මයින්ඩ්ස්’ අධ්‍යාපනික ප‍්‍රදර්ශනය, ජූනි 16 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අති සාර්ථක ලෙස පැවැත්විණි.

ජූනි මස 24 හා 25 යන දෙදින තුළ කැන්ඩි සිටි සෙන්ටර් හි පැවති ප‍්‍රදර්ශනය සඳහාද ඒ හා සමාන ජනකායක් සහභාගී වූ අතර ‘ෆියුචර් මයින්ඩ්ස්’ මීළඟ ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 09 හා 10 යන දිනයන් හි ගාල්ල නගරශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.  
පසුගිය අවුරුදු 12ක් පුරාවටම මෙම ජාතික අධ්‍යාපනික වැඩසටහනේ නිල අනුග‍්‍රාහකයෙකු ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බරයට පත් වෙනවා. මෙම දැවැන්ත ප‍්‍රදර්ශනය අපේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුරට සුරක්ෂිත හෙට දවසක් උදාකර දීමට මහත් රුකුලක් වෙනවා. ‘ෆියුචර් මයින්ඩ්ස්’, තරුණ තරුණියන් හට මග පෙන්වීම සඳහා විවිධාකාරයේ අධ්‍යාපනික විකල්ප රැසක් ඉදිරිපත් කරනවා. අප කොමර්ෂල් ක්‍රෙඩිට් හරහා බොහෝ අඩු ආදායම්ලාභී සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන අභිලාෂයන් මුදුන් පමුණුවා ගනිමින් ඉදිරියටම කරගෙන යෑම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවා. යැයි කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් කාසි චිට්ටි මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේය.

වසර 35ක ඉතිහාසයකින් යුත් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී යනු දිවයින පුරා පුළුල් සේවා ජාලයක් සහිත ලියාපදිංචිගත මූල්‍ය සමාගමකි. මේ තුළින් ස්ථාවර තැන්පතු, ඉතුරුම්, ලීසිං, කුලී සින්නක්කර, අධ්‍යාපනික ණය, නිශ්චල දේපොළ, කාලීන ණය, රන් ණය, චකී‍්‍රය ව්‍යාපාර ණය, ෆැක්ටරිං හා ක්ෂුද්‍ර  මූල්‍ය වැනි පුළුල් පරාසයක භාණ්ඩ සහ සේවාවන් රැසක් ඉදිරිපත් කරයි.