2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ඩර්ඩන්ස් සමාගමෙන් අලුත් සේවාවන් රැසක්

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

නූතන ආකල්ප සහ විශිෂ්ටත්වය ඇතුළත් කරමින් 2022 පෙරදැක්ම මගින්  අවශ්‍යතාවයට අනුව නවීන ගොඩනැගිලි යටිතල පහසුකම් සකස් කෙරේ. 

ක‍්‍රමයෙන් සිදුකරන වෙනස්කම්වලින් පුරෝගාමී විශේෂ ලක්‍ෂණ හා රෝහලෙහි අනන්‍යතා ප‍්‍රමුද්‍රාව යළි විස්තර කෙරේ. විකිරණ ප‍්‍රතිකාර වෙනුවෙන් Phillips Bi-plane machine

ශ‍්‍රී ලංකාවේ මුලින්ම පිහිටුවූ සෞඛ්‍ය සත්කාර සේවා ආයතනයවන ඩර්ඩන්ස් මෙරට සෞඛ්‍ය සත්කාර සේවයේ භූදර්ශනය ඵලදායි පරිවර්තනයකට ලක්කිරිම පිණිස තම ආයතනික සන්නාමය විශිෂ්ටත්වය ආකල්පය සහ ප‍්‍රවේශය ප‍්‍රතිස්ථාපනය කරමින් නවදිගන්තයක් කරා පියතබන බව නිවේදනය කළේය. සිය දශක හතක ඉතිහාසය තුළ අංශ ගණනාවක ප‍්‍රගුණ කර ඇති දක්‍ෂතාවන්හි අගය එක්කිරීම පිණිස අඛණ්ඩව ක‍්‍රියා කර ඇති ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ පැරැණිතම සෞඛ්‍ය සත්කාර සේවා ආයතනය වන ඩර්ඩන්ස් රෝහල එයට සුවිශේෂි සෞඛ්‍ය සත්කාර සේවා සන්නාමය විකාශය කර අදවන විට එහි ව්‍යාප්ත වන සෞඛ්‍ය සත්කාර සේවා සමූහයට නව පුරෝගාමී සේවා ගණනාවක් එක්කර ඇත. ලෝකයේ ප‍්‍රධානපෙළේ බලය ලත් ආයතනය වන ජොයින්ට් කොමිසන් ඉන්ටර්නැෂනල් වෙතින් අනුමැතියේ රන් මුද්‍රාව සමගින් මෙම ආයතනය සහතිකය ලැබීමට නියමිතය. 

මෙම ප‍්‍රතිස්ථාපනය සිදුවන්නේ ඩර්ඩන්ස් රෝහල මෙරට සෞඛ්‍ය සත්කාර සේවා සැපයුමෙහිදී ඉටුකරන අඛණ්ඩ කාර්යභාරය විමසුමට ලක්කොට දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් වර්ධනය පිණිස ඇති මහත් ඉඩප‍්‍රස්ථා අවබෝධ කරගැනීමත් සමගය. එම ආයතනයේ සභාපති අජිත් තුඩාවේ මහතා පවසන්නේ දී අප සතු මූලික අගයන් සහ ඔබ වෙනුවෙන් කැපවෙමු යන පොරොන්දුව ඇතුළත් වන අපගේ සන්නාම ගතිකත්වය මගින් අපගේ ආයතනික ප‍්‍රතිරෑපය ප‍්‍රතිස්ථාපනයෙන් ඩර්ඩන්ස් රෝහල සෞඛ්‍ය සත්කාර සේවාවන්හි අනාගතය දකින ආකාරය පෙන්නුම් කරන බවයි. එසේ වුවත් මෙම ගමනට සාධක ගණනාවක් සම්බන්ධවන නිසා අප අපගේ ව්‍යාපාරික සැලැස්ම ද මූලෝපායිකව යළි සකස් කර ඇති අතර අපගේ 2022 පෙරදැක්මද මේ සමඟ දියත්කරමු යැයිද ඔහු කියයි. 

ඩර්ඩන්ස් 2022 උපායමාර්ගය අරමුණු කොට ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සත්කාර සේවා අංශයෙහි නැගීඑන සමාජ ආර්ථික ප‍්‍රවණතාවන්ට අනුකූලවන පරිදි 2018 පළමු කාර්තුවේදී අරඹන දැවැන්ත යටිතළ පහසුකම් සහ නැවත සකස්කිරීමේ වැඩසටහනකි. මෙම ප‍්‍රතිසංවර්ධන සහ නැවත සකස්කිරීමේ වැඩසටහන මගින් නවීනත්වය සහ තිරසරබව සහතික කිරීමේ නවතම තාක්‍ෂණය යොදාගනිමින් සේවා ඉහළනැංවීම සිදුවෙයි. වාහන 200කට පමණ ඉඩකඩ ඇති රථගාලක් ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කෙරේ. අපගේ 70 වසරක ඉතිහාසය තුළ ප‍්‍රතිකාර සේවා ලබාගැනීමට අප කරා එන රෝගීන්ට ලබාදුන් උසස් තත්ත්වයේ සේවාවන් පෙරනොවූ අංශ ගණනාවක් හරහා සැපයූ සුවිශේෂී සෞඛ්‍ය සේවාවන් සමගින් ගතවූ 22 වසර මුඵල්ලේ පුඵල් කිරීමට හැකිවිය. සභාපතිවරයා පැවසීය