2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

සිංගර් පරිගණක ඇකඩමියෙන් තරුණ සිසුන්ට සහතික

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

මෙරට වඩාත් විවිධාංගිකරණය වූ සමාගම් සමූහයක්වන සිංගර් සමූහය යටතේ ක්‍රියාත්මක සිංගර් ව්‍යාපාරික පාසලේ ප්‍රධානතම ආයතනයක්වන සිංගර් පරිගණක ඇකඩමිය සිය ප්‍රථම සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අයුරින් සංවිධානය කළේය.

'Skills Proficiency Awards in Basic IT for Office Applications' පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් හට මෙහිදී කුසලතා ප්‍රවීණතා සහතික හිමි විය.

ජාත්‍යන්තර කීර්තියට පත් City and Guilds of London Institute (City & Guilds) ආයතනය සමග සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක කෙරෙන මෙම මූලික පාඨමාලාව මගින් සිසුන් හට තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ මූලික කුසලතා වර්ධනය කර ගැනීමට හැකි වේ. 

වසර 164ක සිංගර් අභිමානය සමගින් සිංගර් පරිගණක ඇකඩමිය ගෝලීය කුසලතා සංවර්ධනයේ ප්‍රමුඛයාවන City & Guilds ආයතනය සමග එක්ව මෙම වැඩසටහනේ උපරිම ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා නිබඳ කැප වෙයි.

පරිගණක පිළිබඳ හැඳින්වීම, මයික්‍රොසොෆ්ට් ඔෆිස් යෙදවුම් සහ අන්තර්ජාලය හා ඉ-මේල් භාවිතය යන විෂය ඒකක මෙම පාඨමාලාව යටතේ ආවරණය කෙරේ. පරිගණක භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රම සහ නිසි භාවිතය පිළිබඳ උපදෙස් ද මෙම පාඨමාලාවේ වැදගත් අංශයකි. සිසුන් හට තත්ත්වයෙන් උසස් රැකියාවක් සොයා ගැනීමේ මංපෙත් විවර කර දීම ඉලක්ක කර ගනිමින් මෙම පාඨමාලාව සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

පාඨමාලාව පිළිබඳ විස්තර සහිත මාර්ගෝපදේශයක් මෙන්ම තනි-තනි වශයෙන් උපදේශකයන්ගේ අවධානය ද සිය කුසලතා වර්ධනය කර ගැනීම සඳහා ප්‍රායෝගික අභ්‍යාසයන්හි නිරත වීමට අසීමිත කාලයක් ද සිසුන් හට මෙහිදී හිමි වේ. 

පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන් හට තවදුරටත් කොළඹ නගරයට පැමිණීමට අවශ්‍ය නොවන අතර තමන් පදිංචි නගරයේදී ම සිය කාලයත්, ශ්‍රමයත් ඉතිරි කර ගනිමින් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව සිංගර් පරිගණක ඇකඩමිය විසින් ලබා දී ඇත. මේවන විට කිරිබත්ගොඩ, ඇඹිලිපිටිය, වෙන්නප්පුව, බදුල්ල, වැල්ලවාය, දික්වැල්ල, පිළිමතලාව සහ අනුරාධපුරය යන නගරවල සිංගර් පරිගණක ඇකඩමිය ස්ථාපනය කර ඇති අතර නුදුරේදීම පැල්මඩුල්ලේදී තවත් ශාඛාවක් විවෘත කිරීමට නියමිතය. සිසුන් හට ආරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරමින් ඉහත සඳහන් නගරවල පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර තුළ පාඨමාලා දේශන පැවැත්වේ. 

පාඨමාලා ඉතා සහනදායී මිලකට පැවැත්වෙන අතර එම මුදල ද පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගෙවීමේ අවස්ථාව මෙන්ම සිසුන් සිංගර් ලැප්ටොප් මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම්  හිමිකර ගැනීමේ අවස්ථාව ද සිංගර් පරිගණක ඇකඩමිය සිසුන් වෙනුවෙන් පිරිනමා ඇත. 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00