2017 ජුලි 22 වන සෙනසුරාදා

එටිසලාට් වෙතින් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට cliQ

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

එටිසලාට් ශ‍්‍රී ලංකා සමාගම සිය පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් cliQ නමින් විශේෂ ජංගම දුරකථන යෙදවුමක් (App) හඳුන්වා දීමට මෑතකදී කටයුතු කළේ ය. මේ ඔස්සේ පාරිභෝගිකයන්ට කාලය පදනම් කරගත් ජංගම දුරකථන අන්තර්ජාල පැකේජ මිලදීගත හැකි වේ. මෙය ඔවුන්ට ජංගම අන්තර්ජාල සම්බන්ධතාවන් ලබාගැනීම සඳහා ලැබෙන නම්‍යශීලී සහ විනිවිදභාවයෙන් යුත් ක‍්‍රමයක් වන අතරම මෙගාබයිට් සහ ගිගාබයිට් මිනුම් ක‍්‍රම අනුව සැකසූ, වියදම් අධික සහ වටහාගැනීමට දුෂ්කර අන්තර්ජාල පැකේජ ලබාගැනීමේ අවශ්‍යතාව මගහැරී යයි. 

මෙම සුවිශේෂී විසඳුම නිර්මාණය කර ඇත්තේ ෆින්ලන්තයේ Comptel Corporation විසිනි. මෙමගින් පාරිභෝගිකයන්ට පැහැදිලි අවබෝධයකින් යුතුව වඩාත් පහසුවෙන් අන්තර්ජාල පැකේජ මිලදීගෙන, භාවිත කර, ඒ සඳහා ගෙවීම් කළ හැකි වේ. 

cliQ හඳුන්වා දීමත් සමගින් පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට වඩාත් හොඳින් ගැලපෙන, සහනදායී අන්තර්ජාල සම්බන්ධතා වඩාත් නිර්මාණශීලී ආකාරයකට ඔවුන් වෙත සමීප කරවීමේ අවස්ථාව ලැබී තිබෙනවා.” එටිසලාට් ලංකා සමාගමේ ප‍්‍රධාන වාණිජ නිලධාරී කලීෆා මැහ්මූඩ් පැවසී ය. 

මෙම පුරෝගාමී ක‍්‍රමවේදය පාරිභෝගිකයන්ට අන්තර්ජාල පැකේජ මිලදීගැනීම සහ භාවිතය පහසු කරන අතරම එටිසලාට් සමාගමට වැඩි ආදායම් රුගෙන එන ක‍්‍රමවේදයක්ද වනු ඇත. 

ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට cliQ හඳුන්වා දීම සඳහා එටිසලාට් සමාගම සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට විශාල සතුටක්. තවත් බිලියන දෙකක ජනතාවකට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා සහනදායී ක‍්‍රමවේදයක් හඳුන්වා දීම අපගේ ඉලක්කයයි. මේ හවුල්කාරීත්වය ඒ සඳහා තැබුණු තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. Comptel Corporation FWD හි ප‍්‍රධානී හැරී ජ්‍යාන් මහතා පැවසී ය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00