2017 ජුලි 15 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් අනාගත නායක නායිකාවන් සාදරයෙන් පිළිගනී

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වසරක පුහුණු කාලසීමාවකින් පසු ගුවන් සමාගමේ අනාගත නායක නායිකාවන් වන නව කළමනාකරණ පුහුණුවන්නන් 20 දෙනෙකු ගුවන් සමාගම වෙත බඳවා ගැනීමට පසුගියදා  කටයුතු කරනු ලැබීය. මෙමගින් විශිෂ්ට හැකියාවන් ඇති තරුණ පරපුරට ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත පිවිසීමේ දොරටු විවිර කර ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීම අපේක්ෂා විය. 

ගුවන් සමාගම වෙත නව අදහස් මෙන්ම නව මානව සම්පත් ලබාගැනීම සඳහා මෙම කළමනාකරණ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ගුවන් සමාගමේ මූලික තනතුරු  රැසක් මෙම කළමනාකරණ පුහුණුවන්නන් විසින් හොබවනු ඇති අතර ඔවුන්ගේ නව අදහස් සමගින් ආයතනයේ අනාගත කළමනාකරණ තනතුරු සඳහා වෘත්තිකයන් ලෙස  හැකියා වර්ධනය කරගනු ඇත. 

අතීතයේ දී ශ්‍රීලංකන්  ගුවන් සමාගම මගින් කළමනාකරණ පුහුණු කණ්ඩායම් 6ක් බඳවා ගැනීමට කටයුතු කළ අතර මෙම නව කණ්ඩායම 2016 වසරේ දී බඳවා ගනු ලැබීය. 2000 වසරේ පටන් ආරම්භ කරන ලද මෙම කළමනාකරණ පුහුණු  වැඩසටහන සඳහා සම්බන්ධ වූ සියලුම දෙනා ගුවන් සමාගමේ වර්ධනය සඳහා වෘත්තීය මට්ටමින් ඔවුන්ගේ දක්ෂතා  පෙන්වා ආයතනයේ ඉහළ තලවල සේවයේ නිරතව සිටිති. 

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ප්‍රකාශ කර සිටියේ රැකියා අවස්ථාවක් සඳහා අවකාශයක් ලබාදීම ඉතා විශාල පියවරක් බවත් මෙම කළමනාකරණ පුහුණුවන්නන් සියලුම දෙනා ගුවන් සමාගම වෙත  ඉතා සාදරයෙන් පිළිගන්නා බවත් ය. මේ වන විට ගුවන් සමාගම ඉතාමත් තීරණාත්මක කාලයක් පසුකරමින් සිටින අතර එහි අනාගත වැඩපිළිවෙල සඳහා ධනාත්මක ලෙස මෙම නව කළමනාකරණ පුහුණුවන්නන් විසින් දායකත්වය ලබාදෙනු ඇතැයි අප අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00