2017 ජුලි 08 වන සෙනසුරාදා

නවීනතම LG G6 ස්මාට් ජංගම දුරකථනය අබාන්ස් වෙතින්

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

ශ්‍රී ලංකාවේ පළමු වරට LG ස්මාට් ජංගම දුරකථන අතරින් ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන LG G6 ස්මාට් ජංගම දුරකථනය අබාන්ස් විසින් මෑතකදී හඳුන්වාදෙන ලදී. මෙම ස්මාට් ජංගම දුරකථනය නවතම අප්ග්‍රේඩ් හා විශිෂ්ට විශේෂාංග සමගින් පාරිභෝගික අවශ්‍යතා ඉහළින්ම සපුරා දීමට සමත්වෙයි.

වර්තමාන පාරිභෝගිකයන්ගේ කාර්යබහුල ජීවන රටාවට ඔබින පරිදි මනරම් සහ කල් පවතින අල්ට්‍රා ස්ලිම් නිමාවකින් යුක්තව මෙය නිර්මාණය කර ඇත. වක්‍ර හැඩැති පසුපසකින් සහ සම්පූර්ණ ඩිස්ප්ලේ එක පුරාම පැතිරී ඇති ෆුල් ගේලාස් තිරය මත හෝම් ස්ක්‍රීන් බට්න් ඩිස්ප්ලේ වී තිබෙන ආකාරය දැකගත හැක. Astro Black සහ Ice Platinum ලෙස මනරම් වර්ණ 2කින් ලබාගත හැකි මෙය වෘත්තීය ව්‍යාපාරිකයන්ගේ සිට ශිෂ්‍යයින් දක්වා ඕනෑම තරාතිරමක අයකුට ඔබින පරිදි ලබාගත හැක.

මෙහි දැකිය හැකි IP68 Water-Resistance හැකියාව 1.5mක් ගැඹුරු ජලයේ විනාඩි 30ක් දක්වා කාලයක් ගිල්වා තැබීමේ හැකියාව ඇත. කුණු දූවිලි වලින් ආරක්ෂිත මතුපිටක් මෙහි දැකිය හැකි අතර දීර්ඝ කාලයක් මනා ක්‍රියාකාරිත්වයක් ඇතුව භාවිතා කළ හැක.

LG G6 සඳහා භාවිතා කර ඇත්තේ LG විසින් වැඩි දියුණු කරන ලද නවීනතම ස්මාට් ජංගම දුරකථන තාක්ෂණයයි. මෙහි 5.7* ෆුල් විෂන් ඩිස්ප්ලේ එක සමඟින් 18.9 Aspect Ratio එකකින් රෑපරාමු Render කරමින් තියුණු වර්ණවත් බවකින් යුතු දසුන් නැරඹිය හැක. HDR වීඩියෝ සඳහා මෙය Support කරන අතර ඩොල්බි විෂන් සහ HDR 10 මඟින් ප්‍රියතම චිත්‍රපට රූපවාහිනි වැඩසටහන් සහ විවිධ වීඩියෝ ඉතා උසස් තත්ත්වයෙන් නැරඹීමේ හැකියාව ඇත.