2017 ජුලි 08 වන සෙනසුරාදා

Huawei ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම  ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු බවට පත්වෙයි.  ශ‍්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් කණ්ඩායම සහ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම මෙන්ම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා ස්මාර්ට්ෆෝන් අනුග‍්‍රාහකත්වය ලබාදීමට  Huawei එකඟ වී තිබේ. ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම ක‍්‍රීඩාව සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදීමෙන් සිය සන්නාමය  ක‍්‍රිකට් තරමට ශ‍්‍රී ලාකේය හදවත් වෙත සමීප කරවීමට  Huawei අපේක්ෂා කරයි.
Huawei ශ‍්‍රී ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් අතර මෙම ස්මාර්ට්ෆෝන් අනුග‍්‍රාහකත්වයට අත්සන් තැබීම සහ එම ගිවිසුම් හුවමාරු කරගැනීම පසුගියදා සිදුකෙරිණ.

මෙම අවස්ථාවට එක්වෙමින් Huawei ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සඳහන් කළේ  මෙරට ප‍්‍රමුඛ තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයුම්කරු මෙන්ම ප‍්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei, ශ‍්‍රී ලංකා  ක‍්‍රිකට් හා අත්වැල් බැඳ ගැනීම සුවිශේෂි අවස්ථාවක් බවයි. ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම ක‍්‍රීඩාව වන ක‍්‍රිකට් වෙත සහයෝගය දැක්වීමට අවස්ථාවක් හිමිවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද හෙතෙම සඳහන් කළේය.  ප‍්‍රජාවට සිය සිහිනයේ බලය අවබෝධ කර ගැනීමට ඉඩ සැලසීම Huawei හි අරමුණ බවද හෙතෙම සඳහන් කළේය. සන්නාමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වර්ධනය කිරීම මෙන්ම  ලොව විවිධ සංස්කෘතින් වල විවිධ ජන කොටස්වලට අයත් පාරිභෝගිකයා වෙත සමීප වීමට  Huawei සමත් වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. විවිධ ජන සමාජවල විවිධ ශක්‍යතා හඳුනා ගනිමින් ඒවාට අනුග‍්‍රහය ලබාදීමට ඉදිරියේදී Huawei සැලසුම් කර ඇති බවද Huawei ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00