2017 ජුලි 01 වන සෙනසුරාදා

මහජන බැංකුවේ 56 වැනි සංවත්සර මහා පින්කම දෙදිනක් පුරා

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

මහජන බැංකුවේ පනස් හයවැනි සංවත්සරය නිමිත්තෙන් මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කරන මහා පින්කම ජූනි 30 සහ ජුලි 01 දෙදින තුළ මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මේ අනුව ජූනි 30 වැනිදා රාති‍්‍ර 8ට සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනය ආරම්භ කර, පසුදින මහා සංඝරත්නය පනස් හය නමක් විෂයෙහි දහවල් දානය පිරිනැමීමට කටයුතු සංවිධානය කර තිබිණි.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලු නායකයන්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා පැවැත්වෙන මෙම මහා පින්කමට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු,  ප‍්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් යන මහත්වරුන් ඇතුඑ ආයතනික හා විධායක කළමනාකාරිත්වය බැංකු කාර්ය මණ්ඩලය හා විශ‍්‍රාමික සේවක පිරිස්ද සහභාගි වී සිටියහ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00