2017 ජුනි 24 වන සෙනසුරාදා

ලංකා බැංකුවෙන් රු. මිලියන 30ක් වටිනා රන් කැකුළු ශිෂ්‍යත්ව

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 167

2017 වර්ෂයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන් සඳහා ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව වන ලංකා බැංකුවේ අංක 1 ළමා ඉතිරි කිරීමේ ගිණුම වන රන් කැකුඵ ගිණුමෙන් එකක් රු. 15000/- බැගින් වටිනා ශිෂ්‍යත්ව 2000ක් ප‍්‍රදානය කිරීමට සැලසුම් කර ඇත. තම අධ්‍යාපන කටයුතු වලදී අමතර උත්සාහයක් දැරීමට සිසුන් උනන්දු කරවීමේ සහ ඔවුන්ට සහායවීමේ අදහසින් ලංකා බැංකුව මෙම වාර්ෂික වැඩසටහන පවත්වනු ලබයි. 2017 අගෝස්තු 20 වැනි දිනට යෙදෙන ශිෂ්‍යත්ව විභාගයට පෙර රන් කැකුඵ ගිණුමක රු. 5000/- ක ශේෂයක් පවත්වාගෙන යාමෙන් හෝ දිවයින පුරා පැතිරී ඇති ලංකා බැංකු ශාඛා 627 අතරින්  ඕනෑම ශාඛාවක රන් කැකුඵ ගිණුමක් ඇරඹීමෙන් ලංකා බැංකු රන් කැකුඵ ශිෂ්‍යත්වයක් සඳහා සුදුසුකම් සපුරාලිය හැකිය. මෙම ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමයට අමතරව දීප ව්‍යාප්ත ලෙස 1 වන ස්ථානය සඳහා රු. 100000/- ක්ද 2 වන ස්ථානය සඳහා රු. 75000/- ක්ද තෙවන ස්ථානය සඳහා රු. 50000/- ක්ද වශයෙන් ලබා දෙන විශේෂ කුසලතා ප‍්‍රදානයක්ද තිබේ.

මෙම මූලික පියවරෙහි කොටසක් ලෙස 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සහාය වීමට මෙන්ම සිසුන් දිරිමත් කිරීමට ලංකා බැංකුව දීප ව්‍යාප්තව හපනා වැඩසටහන මෙහෙයවයි. මෙම වැඩසහන පළාත් මට්ටමෙන් පවත්වනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඇතිවය. මෑතකදී සැසි 1204 ආවරණය වන පරිදි දිවයින පුරා හපනා ශිෂ්‍යත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීමට හැකිවීම පිළිබඳව ලංකා බැංකුව අවංකවම ආඩම්බර වෙයි. මෙම කාර්යයට සහාය දැක්වීමක් වශයෙන් ලංකා බැංකුව 2017 ජුනි 15 සිට 2017 අගොස්තු 3 දක්වා සෑම සඳුදා දිනකම ප.ව 5.00 සිට ප.ව 6.00 දක්වා රූපවාහිනියෙන් විකාශය වන නැණ මිහිර ජනප‍්‍රිය ශිෂ්‍යත්ව වැඩසටහනට බැංකුව අනුග‍්‍රාහකත්වය ලබා දී ඇත. 

ඊට අමතරව ලංකා බැංකුව දිවයිනේ සියලු ප‍්‍රදේශ ආවරණය වන පරිදි තෝරාගත් පාසල් වල රන් කැකුඵ පාසල් සංසද ඉතිරි කිරීමේ ඒකක 4000ක් පවත්වාගෙන යයි. තමන්ට ආසන්නයේම ඇති ලංකා බැංකු ශාඛාවේ සහාය ඇතිව සිසුන් විසින්ම මෙම ඒකක කළමනාකරණය කරනු ලැබේ.

රන් කැකුඵ ගිණුම් සෑම විටම සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා 1% ක අමතර පොලියක් ලබා දෙයි. මව හෝ පියා හෝ භාරකරු සඳහා රුපියල් 500000/-ක උපරිමයක් සහිත රක්ෂණාවරණයක්ද (සිද්ධියට පෙර මාස හයක් හෝ ඊට වඩා වැඩි කාලයක් තුළ රු. 5000/-ක අවම ශේෂයක් පවත්වාගෙන යා යුතුය) මෙම ගිණුම සඳහා නොමිලයේ හිමි වෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00