2017 ජුනි 24 වන සෙනසුරාදා

COCA-COLA ZERO දැන් ශ්‍රී ලංකාවේ

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

ශ්‍රී ලංකාවේ කොකා-කෝලා සමාගම විසින් ලෝකය පුරා 150කට අධික රටවල ජනප‍්‍රියත්වයට පත් කොකා-කෝලා සීරෝ බීම වර්ගය මෙරටට හඳුන්වා දී තිබේ. මෙම හඳුන්වාදීම දැනට මෙරට කොකා-කෝලා සමාගමේ පාරිභෝගිකයින් අතර ජනප‍්‍රිය ලයන් සෝඩා, ලයන් ජින්ජර් බියර්, ෆැන්ටා කී‍්‍රම් සෝඩා, ෆැන්ටා පෝටෙලෝ, ෆැන්ටා ඔරේන්ජ්, කොකා-කෝලා, කොකා-කෝලා ලයිට්, හා ස්ප‍්‍රයිට් අතරට එක් වේ.

කොකා-කෝලා සීරෝ සීනි රහිත පානයකි. කොකා-කෝලා සීරෝහි සීනි වෙනුවට යොදාගන්නේ ලොව පිළිගත් පැණි රසකාරක වන නිසා මිලි ලීටර් 100ක තිබෙන්නේ 0.3ක කැලරි ප‍්‍රමාණයක් පමණයි. මෙම බීම වර්ගය කොකා- කෝලා සමාගම විසින් හඳුන්වා දුන් සාර්ථකම බීම වර්ගයක් ලෙස ලොව පුරා ජනප‍්‍රියත්වයට පත් වී තිබේ. කොකා-කෝලා සීරෝ ආදායම අනූව අමෙරිකානු ඩොලර් බිලියන 1 සන්නාමයක් බවට පත්වී සිටින වෙළඳ නාම අතරට පැමිණ තිබේ.

කොකා-කෝලා සීරෝ පළමුවෙන්ම මෙරට ප‍්‍රධාන නගරවල අලෙවි වෙන අතර ඉදිරියේදී ග්‍රොසරි, විශාල සිල්ලර වෙළඳසැල් හා කොකා- කෝලා අලෙවිසැල් වලින් ලබා ගැනිමට හැකියි. මෙරට බෝතල් ඇසුරුම්කරු වන කොකා-කෝලා බෙවරේජස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක, මායන්ක් අරෝරා මහතා පැවසුවේ දශක පහක් පුරා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් අප වෙත තබා තිබෙන විශ්වාසය හා සබඳතාව අපි අගය කොට සළකනවා. එම බැඳීම තවත් ශක්තිමත් කරන්නට මෙරට පාරිභෝගිකයින්ට කොකා-කෝලා සීරෝ තවත් හේතුවක් ලබාදී තිබෙන බව විශ්වාසයයි. අපි දන්නවා පාරිභෝගිකයින් කොකා-කෝලා රසයට බොහෝ කැමති බව. ඒ වගේම අපි දන්නවා එයින් සමහරුන්ට බීම වර්ග වලින් ඔවුන්ට ලැබෙන සීනි ප‍්‍රමාණය අඩු කර ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන් කියලා. ඒ නිසයි අපි කොකා-කෝලා රසය එලෙසම තිබෙන එහෙත් සීනි රහිත කොකා-කෝලා සීරෝ හඳුන්වාදීමට උනන්දු වුණේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කොකා-කෝලා සීරෝ පළමුවෙන් මිලි ලීටර් 400 බෝතල් ලෙස ලබා ගත හැකි අතර රුපියල් 70/-කට දිවයින පුරා අදියර වශයෙන් බෙදා හැරීමට නියමිතයි. 2005 වසරේදි කොකා-කෝලා සීරෝ පළමුවෙන් ලොව පුරා හඳුන්වාදුන් අවස්ථාවේ එය 1982 වසරේදි හඳුන්වා දුන් ඩයට් කෝක් බීම වර්ගයෙන් පසුව කොකා-කෝලා සමාගමේ සාර්ථකම නව නිශ්පාදනය බවට පත් විය. කොකා-කෝලා සීරෝහි ආරම්භය 1990 දශකයේ අගභාගය දක්වා ඇදී යන අතර මීළඟ අවධිය සොයා යද්දී කැලරි රහිත කොකා-කෝලා බිහි විය. කෝක් සීරෝ මෙම බීම වර්ග දෙකේම හොඳම දේ ක‍්‍රමයෙන් ලබා දුන්නේය. 2007 වසරේදී AOL විසින් වසරේ දෙවෙනි ආකර්ශනීයම නිශ්පාදනය ලෙස කෝක් සීරෝ නම් කළ අතර පළමු ස්ථානය  iPhone  වෙත හිමි වූ අතර මේ වනවිට කෝක්-සීරෝ රටවල් 159ක අලෙවි වේ.