2017 මැයි 20 වන සෙනසුරාදා

ලංකා බැංකුව අඛණ්ඩව 9 වන වසර සඳහාත් අංක 1 සන්නාමයයි

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

මීඩියා සර්විසස් විසින් බ‍්‍රෑන්ඩ් ඇනුවල් හි පළ කරන ලද නවතම බ‍්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා වාර්තා වලට අනුව අඛණ්ඩව 9 වන වසර සඳහාත් ලංකා බැංකුව තම අංක 1 තත්ත්වය යළි ස්ථාපිත කර ගෙන ඇත. රටවල් 17ක් තුළ ගෝලීය ජාලයක් සහිත ප‍්‍රමුඛ ආයතනයක් වන Brand Finance UK හි ශ්‍රී ලාංකේය හවුල්කරු වන Brand Finance Lanka විසින් ලංකා බැංකුව රු. බිලියන 40 ක වටිනාකමක් ඇති අංක 1 සන්නාමය යැයි අනාවරණය කළේය.

 වසර 77ක සිය ස්ථිරසාර ගමනේදී තම ගනුදෙනුකරුවන්හට දැරිය හැකි එහෙත් ඉහළම තත්ත්වයේ බැංකුකරණ විසඳුම් මගින් තම ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වමින් ලංකා බැංකුව සැමවිටම ශ්‍රී ලාංකේය බැංකුකරණ ක්ෂේත‍්‍රයට වටිනාකමක් සපයා ඇත. තම ආරම්භයේ සිටම ජාතියේ මහා පහන්ටැඹ ලෙස කැපවීමට දී ඇති ප‍්‍රතිඳාවත් සමඟ ශ්‍රී ලාංකේය ප‍්‍රජාවට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීමට අවශ්‍ය පරිදි බැංකුව ක‍්‍රමානුකූලව සැලසුම් සකස් කර ඇත. 2015 දී රු. බිලියන 25.3 ක සහ 2016 දී රු. බිලියන 31.2 ක බදුපෙර ලාභයක් අත්පත් කර ගැනීමට සමත් වූ පළමු සහ එකම තනි ව්‍යාපාරික ආයතනය ලෙස ලංකා බැංකුව බැංකුකරණයේ සියලු අංශයන්හි අද්විතීය ක්‍රියාකාරිත්වයක් සඳහා දරන ප‍්‍රයත්නයේදී තමාගේම වාර්තාවන්ට අභියෝග කර ඇත. මෑත අතීතයේදී ලංකා බැංකුව අත්පත් කරගත් ජයග‍්‍රහණ අතර 2015 දී රුපියල් ට්‍රිලියනයක තැන්පතු ප‍්‍රමාණය ඉක්මවා යාම සහ 2016 දී රුපියල් ට්‍රිලියනයක ණය ප‍්‍රමාණය ඉක්මවා යාමද වේ. බැංකුවේ වත්කම් වටිනාකම දැන් රු. ට්‍රිලියන 1.6 ඉක්මවා ඇති අතර එය දිවයිනේ තනි ව්‍යාපාර ආයතනයක් සතු ඉහළම වත්කම් සංචිතය වේ.

දිවයිනේ අංක 1 සන්නාමය ලෙස අපගේ තත්ත්වය පවත්වා ගැනීම අසමසම ජයග‍්‍රහණයක් වේ. අඛන්ඩව 9 වන වසර දක්වා දිවයිනේ අංක 1 සන්නාමය වීම අද්විතීය ජයග‍්‍රහණයක් බවට ඕනෑම අයෙකු එකගවනු ඇත. පසුගිය වසර වල ඉතා සුවිශේෂී ආකාරයට මැනවින් ක්‍රියාකර ඇති අතර දැනට ට්‍රිලියන තුනකින් සමන්විත ශේෂ පත‍්‍රයකින් සමන්විත එකම බැංකුව අපය. අපගේ ඊළග ඉලක්කය වන්නේ 2019 වන විට ශේෂ පත‍්‍රය රු. ට්‍රිලියන 2 දක්වා වත්කම් ඉහළ නංවා ගැනීම වන අතර එය ස්ථිර වශයෙන්ම ශ්‍රී ලාංකික බැංකුකරණ ක්ෂේත‍්‍රයේ තවත් එක් වැදගත් සංධිස්ථානයක් වනු ඇත යැයි බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා සඳහන් කළේය. තම ස්ථිරසාර ගමනේදී දිවයිනේ අනර්ඝතම සන්නාමය ලෙස ස්ථාපිත වීමට බැංකුකරණ හා  මූල්‍ය ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන ජයග‍්‍රහණ අත්පත් කර ගැනීමට BOC සන්නාමය සමත් වී ඇත. ජාතියේ මහා පහන් ටැඹ යන දැක්ම සහිතව BOC සන්නාමය එහි සැබෑ පාර්ශ්වකරැවන් වන ලාංකික පුරවැසියන් සහ ශ්‍රී ලංකා රජයට මෙම ප‍්‍රතිලාභ ලබාදී ඇත.

ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වසනීයත්වය ලංකා බැංකුව සතුව පවතින අතර අද වන විට එය මිලියන 12 ට වැඩි ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරයි. එහි දැවැන්ත මූල්‍ය හැකියාව සහ රටේ සමාජයීය හා ආර්ථික සංවර්ධනය කෙරෙහි එයට සහජයෙන් උරුමව පවතින කැපවීම සහ එය සතු නම්‍යශීලී ප‍්‍රවේශයත් සමඟ ලංකා බැංකුව විවිධ වූ භූගෝලීය හා ආර්ථික තත්ත්වයන්වල සිටින තනිපුද්ගලයන්ගේ සිට ව්‍යාපාර හා සංවිධාන වලින් සමන්විත ගනුදෙනුකාර සංචිතයට ඉතා සාර්ථක ලෙස බැංකුකරණ සේවා සඳහා හැකියාව ලබා දී ඇත. අලුත උපන් බිළිඳාගේ  සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා ද එමෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසායකයාගේ සිට ආයතනික ව්‍යාපාර දක්වා සෑම සියලු දෙනාට එකම වහලක් යටින් ලංකා බැංකුව සේවාවන් ලබාදෙයි. භූගෝලීය වශයෙන් වෙනස් වූ මෙම ගනුදෙනුකාර ප‍්‍රජාවගේ අවශ්‍යතා සපුරාලනු වස් බැංකුව සතුව දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑර විසිරී පැතිරී ඇති ශාඛා 625 ක ජාලයක් ඇති අතර දින 365 තුළ පැය 24 පුරා ගනුදෙනුකරුවන්හට සේවය සලසන 825කට වැඩි යන්ත‍්‍ර සංඛ්‍යාවකින් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම ATM/CDM ජාලයද ලංකා බැංකුව සතුය.