2017 මැයි 20 වන සෙනසුරාදා

ලංකා බැංකුව ආපදා ප‍්‍රතිසාධන මධ්‍යස්ථානය ප‍්‍රතිස්ථානගත කරයි

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

ලංකා බැංකුව සිය ආපදා ප‍්‍රතිසාධන මධ්‍යස්ථානය (DRC) නවීනතම තාක්ෂණය සහ නව පහසුකම්වලින් යුක්තව මෑතකදී ප‍්‍රතිස්ථානගත කළේය. නව පරිශ‍්‍රයේදී නව පහසුකම් හඳුන්වාදීමත් සමඟ ගනුදෙනුකාර සේවාවට බාධා එල්ල විය හැකි ප‍්‍රධාන විනාශකාරී සිදුවීම්වලට වැඩි විශ්වාසයකින් යුතුව මුහුණදීමේ හැකියාව මෙම ආපදා ප‍්‍රතිසාධන මධ්‍යස්ථානයට හැකියාව ඇත. බැංකුව සැමවිටම ගනුදෙනුකාර සේවයට සිදුවන ඕනෑම බාධාවකින් මිදී යළි යථා තත්ත්වයට කඩිනමින් පත්වීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගනියි. ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා සහ ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.එම් ගුණසේකර මහත්වරු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් යුතුව මෙම ආපදා ප‍්‍රතිසාධන මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් විවෘත කළහ.

මෙම මධ්‍යස්ථානය  ඕනෑම බාධාකාරී සිදුවීමකට පසුව විකල්ප ස්ථානයක සිට තොරතුරැ තාක්ෂණ සේවා යළි ස්ථාපිත කර ගැනීමට සම්පත් සපයයි. එබැවින් මෙම නව ආපදා ප‍්‍රතිසාධන මධ්‍යස්ථානය සතු පහසුකම් ආපදාවක් අතරතුර අතිශය වැදගත් ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යාම තහවුරු කරන අතර බැංකුවේ ගනුදෙනුකරුවන්ට සහ මූල්‍ය වෙළෙඳපොළට ඇතිවිය හැකි අවදානම කළමනාකරණය කර ගැනීමට සහාය වේ. මෙම අතිශය වැදගත් ව්‍යාපාර මෙහෙයුම්වලට ශාඛා හා ආයතනික බැංකු කටයුතු, අක්වෙරළ බැංකු කටයුතු, ජාත්‍යන්තර හා භාණ්ඩාගාර මෙහෙයුම් ATM සේවා සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ. ලංකා බැංකුව අවශ්‍ය වන ඕනෑම මොහොතකදී ආපදා ප‍්‍රතිසාධන සහාය සඳහා යෙදවිය හැකි සියලු නවීන පහසුකම්වලින් සමන්විත රිය සක මත දිවෙන ජංගම බැංකු ශාඛාවන් හඳුන්වා දුන්නේය. මූල්‍ය අංශයේ ආපදා ප‍්‍රතිසාධන මෙහෙයුම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අතිශයින් නියාමනය කොට අධීක්ෂණය කරනු ලැබේ.

රටේ ආර්ථිකය නගාසිටුවන අතරම සියලු තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්හට ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගන්නට සේවය සලසමින් තමන්ව මූල්‍යමය වශයෙන් ස්ථාවර කර ගනිමින් වසර 77 කට වැඩි අත්දැකීම් සමඟ ශ්‍රී ලාංකේය බැංකුකරණ කර්මාන්තයේ පෙරමුණ ගනිමින් ලංකා බැංකුව දිවයිනේ වඩාත් ස්ථාවර සහ විශ්වාසනීය බැංකුව බවට පත් වී ඇත. ද බෑන්කර් (UK) සඟරාව ලැයිස්තු ගත කර ඇති ආකාරයට පිළිවෙළින් 2012 , 2013 ,2014, 2015 සහ 2016 වර්ෂයන්හිදි ලංකා බැංකුව ලෝකයේ ඉහළම පෙළේ බැංකු 1000 අතරින් එකක් ලෙස විශ්ව කීර්තියට පත්ව ඇත. ඉන්දියාවේ මුම්බායිහි මූලස්ථානය පිහිටා ඇති ප‍්‍රධාන අලෙවි නිලධාරීන්ගේ මණ්ඩලය (CMO Council) විසින් 2013 ආසියාවේ හොදම සන්නම් නාමයන්ගෙන් එකක් ලෙස බැංකුව සම්මානය හිමිකර ගත්තේය.  බ‍්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා විසින් ශ්‍රී ලාංකාවේ අංක 1 සන්නම් නාමය ලෙස ලංකා බැංකුව පසුගිය වසර අට පුරා අඛණ්ඩව ශ්‍රේණිගත කර ඇත. බැංකුව මෑත අතීතයේදී රු. ට්‍රිලියන 1.5 ක වත්කම් සහ ට්‍රිලියන එකකට වැඩි තැන්පතු සතුකර ගැනීම වැනි සුවිශේෂ සන්ධිස්ථාන රුසක් පසුකර ඇත. බැංකුවේ ජයග‍්‍රහණයක් වෙත අවධානය යොමු කර ෆීච් රේටින් ලංකා ආයතනය විසින් ලංකා බැංකුව AA+(lka) ලෙස ශ්‍රේණිගත කර ඇති අතර එය දේශීය වාණිජ බැංකුවකට ප‍්‍රදානය කර ලද ඉහළම ශ්‍රේණිගත කිරීම වේ.  සේවායෝජක සන්නාම ආයතනය විසින් සංවිධානය කරන ලද, ආසියාවේ හොඳම සේවායෝජක, සම්මාන ප‍්‍රදාන උළෙලේදී 2016 වසර සඳහා හොඳම සේවායෝජක සන්නාම අතරින් එකක් ලෙස ලංකා බැංකුව ඇගයීමට ලක් විය. එතෙර ශාඛාවන් තුනක් සහ ලන්ඩන්හි උප සමාගමක් සහිතව ලංකා බැංකුව තම ජාත්‍යන්තර පැවැත්ම පවත්වාගෙන යයි.

 

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00