2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් කෙයාර්ස් වෙතින් මුලතිව් තරුණයන්ට ව්‍යාපෘතියක්

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ  ආයතනික සමාජ වගකීම්  අංශය වන  ශ්‍රීලංකන් කෙයාර්ස්  මුලතිව්  දිස්ත්‍රික්කයේ දස දහස් ගණනාවක්  වූ තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ ළමුන් සවිබල ගැන්වීම සඳහා විශාල වැඩපිළිවෙළක් දියත් කර ඇත. මේ අනුව ශ්‍රීලංකන් කෙයාර්ස් ගුණ ජය සතුට පදනම (Foundation of Goodness) සමඟ දිගුකාලීන සහයෝගිතා ව්‍යාපෘතියක්  වන ගැමි හදගැස්ම ව්‍යාපෘතිය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තබන ලදී.   

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා, මානව සම්පත් අංශ ප්‍රධානි ප්‍රදීප කැකුලාවල මහතා, ගුණ ජය සතුට පදනම වෙනුවෙන් එහි ප්‍රාරම්භක සහ  මහා භාරකරු වන කුෂිල් ගුණසේකර මහතා, ව්‍යාපෘති කළමනාකාර  ප්‍රධානී ෆසීනා ඉබ්‍රාහිම් මහත්මිය කොළඹ ශ්‍රී ලංකන් ප්‍රධාන කාර්යාලයේදී මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් කරන ලදී.

මෙම  ගැමි  හදගැස්ම  ව්‍යාපෘතිය යටතේ  ගුණ ජය සතුට පදනම විසින් ඔඩ්ඩුසුඩාන් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ  ස්ථාපිත  කරනු ලබන පුහුණු මධ්‍යස්ථානය සඳහා ශ්‍රීලංකන්  කෙයාර්ස්, ඉදිකිරීම මෙන්ම සියලු පහසුකම්වලින් සමන්විත මධ්‍යස්ථානයක් බවට මෙය පත්කීරීමට අවශ්‍ය සම්පත් දායකත්වය සඳහා අරමුදල් ලබාදේ. මේ අනුව මුලතිව්  දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ ළමුන් සඳහා අධ්‍යාපනික  මෙන්ම  වෘත්තීය පුහුණු පහසුකම් ලබාදීමට අවශ්‍ය සියලු සම්පත් මෙන්ම මෙම පුහුණු මධ්‍යස්ථානයේ  නඩත්තු සහ උපකරණ  ලබාදීම සදහාද  ශ්‍රීලංකන් කෙයාර්ස්  කටයුතු  කරනු  ලබයි. රටේ අනෙකුත් කලාපවලට මෙන් නොව ජනගහනය 100,000 පමණ වූ මුලතිව්  දිස්ත්‍රික්කයේ මෙවැනි පුහුණු මධ්‍යස්ථාන හෝ නවීන පහසුකම්, රැකියා අවස්ථා, සවිබලගැන්වීම් සහ ජන ජීවිතය නඟා සිටුවීම වැනි වැඩපිළිවෙළවල් සඳහා වැඩි ඉඩකඩක් හිමිවී නොමැත.

මෙම  පහසුකම සඳහා නවීන පහසුකම්වලින්  සමන්විත  පරිගණක  10කින්   සමන්විත  පුහුණු  මධ්‍යස්ථානයක් මෙන්ම ප්‍රජා ශාලාවක්ද සියලු අංග විලින් සමන්විත  පුස්තකාලයක් ස්ථාපිත කරනු ලබයි. මෙමගින් මෙම පුහුණු මධ්‍යස්ථානය සඳහා නොමිලේ පුහුණු වැඩසටහන් වන ඉංග්‍රීසි පංති, කාන්තාවන් සඳහා වන කර්මාන්ත  පාඨමාලා, තරැණ සහ කාන්තා සවිබලගැන්වීමේ වැඩසටහන්, ළමා සුභසාධක සමාජ රැස්වීම්, ගැමි සහ පාරිසරික වර්ධන සැලසුම්, ජීවන ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ අධ්‍යාත්මික පුහුණුව, ස්වේච්ඡා ප්‍රාගූන්‍ය වැඩසටහන් ඇතුළු තවත් පාඨමාලා රැසක් ලබාදේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00