2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

මොබිටෙල් ආදරවන්තයන්ගේ දිනය අලුත් ක්‍රමයකට සමරයි

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

ආදරවන්තයින්ගේ දිනය සැමරීමට අද්විතීය ප‍්‍රවේශයක් ලබාගනිමින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරණීය ජංගම දුරකථන සම්බන්ධතා සැපයුම්කරු වන මොබිටෙල් මෑතකදී ආදරයට තවත් බොහෝ දේ ඇතුළත්ය යන තේමාව යටතේ රට පුරා විසිරී සිටින ජනතාවගේ හදවත් එක්කරන ලදි. ආදරවන්තයින් සැමරීමේ සාම්ප‍්‍රදායික අදහසින් ඔබ්බට ගොස්, මෙම විශේෂ දිනයේදී ආදරය සහ බලාපොරොත්තුව සුවිශේෂී ලෙස සැමරීම සඳහා මොබිටෙල්, වැඩිහිටිනිවාසවල වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත තරුණයන් රැගෙන ආවේය. 

ආදරයට තවත් බොහෝ දේ ඇතුළත්ය යන තේමාව මොබිටෙල් විසින් සංකල්පනය කරන ලද්දේ ආදරය සහ සතුට වඩාත්ම අවශ්‍ය වන අය අතර එය පැතිරවීමේ අවශ්‍යතාවය පිළිබඳව සහ රුකවරණය, දයානුකම්පාව සහ සියල්ලන්ටම වඩා කොන්දේසි විරහිත ආදරය පිළිබඳව තරැණයින් දැනුවත් කිරීම සඳහාය. ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති වැඩිහිටිනිවාස සඳහා ආධාර කිරීමට විශ්වවිද්‍යාල සහ ජාතික තරැණ සේවා සභාව සමඟ අත්වැල් බැඳගත් මොබිටෙල් සමාගමට මෙය දැවැන්ත කාර්යයක් විය. හදවත් ආලෝකමත් කිරීමේ මොබිටෙල් මෙහෙවර සමඟ වැඩිහිටිනිවාසයක් සඳහා එහි නිවැසියන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමද සිදුකරන ලදී. 

මෙම වැඩසටහන ගැන අදහස් දැක්වූ මොබිටෙල්හී ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී අලෙවි ඉසුරැ දිසානායක මහතා මෙසේ පැවසීය: ආදරයට තවත් බොහෝ දේ ඇතුළත්ය යනු විශේෂයෙන්ම ආදරවන්තයන්  සඳහා වූ දිනයේදී තනිවී අධෛර්යට පත්ව සිටින අයට, විවිධාකාරයෙන් ආදරය ප‍්‍රකාශ කළහැකි ආකාරය පිළිබඳ මොබිටෙල් අර්ථ දැක්වීමය. ආදරය වඩාත්ම අවශ්‍ය අයට එය පහසුවෙන් පතුරැවාහැරිය හැකි ආකාරය පිළිබඳව යෞවනයින්ට අවබෝධයක් ලබාදීමෙන් ආදරයට වැඩි වටිනාකමක් එක්කිරීමට අපට හැකිවිය. මේ අනුව, ආදරය යනු ඔවුන් සිතනවාට වඩා වැඩියමක් බවත්, සරල සිනහවකින්, අවශ්‍යතාවයන් ඇති අයෙකුට උපකාර කිරීමෙන් හෝ අපගේ හෘදයාංගම සහයෝගය කෙනෙකුට දැක්වීමෙන් දිනපතා ආදරය පෙන්වීමෙන් ආදරය ව්‍යාප්ත කිරීම පහසු බවත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට පෙන්වීමට අපි අදහස් කළෙමු.

ආදරවන්තයන්ගේ දිනයේදී, මොබිටෙල් සිය ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරිත්වය යටතේ තරුණයන්ද කැටුව වැඩිහිටි නිවාසවලට ගොස් ක්‍රීඩා, ආහාර සහ විනෝදාශ්වාදය බෙදා ගනිමින් වැඩිහිටියන් සමඟ දවස ගත කළේය. දහසක් හදවත් සතුටින් හා ප්‍රිතියෙන් ආලෝකමත් වූ අතර, සමහර වැඩිහිටියෝ ඔවුන්ගේ ආදරණීය මතකයන් සිහිපත් කරමින් ෙප්‍ර්මය යනු කුමක්ද යන්න පිළිබඳව ඔවුන්ගේ හැඟීම් ප‍්‍රකාශ කළහ. 

වසර ගණනාවක් පුරා, මොබිටෙල් විසින් ආදරණීයයන් එක්කිරීම පමණක් නොව, දරුවන්ගේ සිට නව යොවුන්වියේ සිට වැඩිහිටි පරම්පරාව දක්වා සෑම ශී‍්‍ර ලාංකිකයෙකුටම ඔවුන්ගේ ජීවිත උපරිම ලෙස විඳීමට සහාය වන බලපෑම් පිරි වැඩසටහන් ලෙස සේවා ජාලයක් ගොඩනගා ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00