2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

සියපත ෆිනෑන්ස් නුගේගොඩ ශාඛාව නව පරිශ‍්‍රයකට

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 197

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් සමාගමේ නුගේගොඩ ශාඛාව පසුගියදා නව පරිශ‍්‍රයක විවෘත කෙරිණ. නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ අංක 181 - 1/1 දරන ස්ථානයේ ස්ථාපිත වූ සියපත ෆිනෑන්ස් නුගේගොඩ ශාඛාව ගනුදෙනුකාර භවතුන් හට ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා තිබේ. 

සියපත ෆිනෑන්ස් නව ශාඛා පරිශ‍්‍රය විවෘත කිරීමේ අවස්ථාවට සියපත ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා, අධ්‍යක්ෂවරැන් වන ආචාර්ය දිලන්ජන් සොයිසා, සුමිත් කුමාරණතුංග සහ ජයන්ත හරිස්චන්ද්‍ර ගුණවර්ධන යන මහත්වරුන් සමඟ ආයතනික නිලධාරීන් රැසක් සහභාගී වූ අතර එම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයන් හා ගනුදෙනුකාරභවතුන් රැසක්ද එක්ව සිටියහ. සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් මෙම නුගේගොඩ ශාඛාව වෙතින්ද ලබාගත හැකිය.

නව ශාඛාව විවෘත කිරීම නිමිත්තෙන් අදහස් දක්වමින් සියපත ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා &කොළඹ නගරය ආසන්නයේ පිහිටා තිබෙන ජනාකීර්ණ නගරයක් වන නුගේගොඩ නගරයේ අපගේ ශාඛාවක් පිහිටා තිබීම අප පාරිභෝගිකයන්ට මහත් පහසුවකි. සීඝ‍්‍රයෙන් වෙනස් වෙන නුගේගොඩ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකරදීමේ බලාපොරොත්තුවෙන් අප නුගේගොඩ ශාඛාව මෙම නව පරිශ‍්‍රයට රුගෙන ආවා. යැයි පැවසීය.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ශක්තිමත් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමඟ මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන ප‍්‍රමුඛ මෙහෙවරක නියැලී සිටියි. සියපත ෆිනෑන්ස් පීඑල්සී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.