2017 මාර්තු 25 වන සෙනසුරාදා

ලාෆ්ස් ගෑස් සහ ලිහිසි තෙල් නව සන්නාම මුහුණුවරකින්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

ශ‍්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වන ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම සිය ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා නව වෙළෙඳ ලාංඡන හා ඇසුරුම් සමගින් ප‍්‍රචාරණ වැඩසටහන් මාලාවක්ද හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර තලයේ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ලාෆ්ස් සමාගම සතු සැලසුම් වල එක් පියවරක් වශයෙන් මෙම නව හඳුන්වා දීම් සිදුකර තිබේ. 

ධාවන ශූරයන් වන ඩිලන්ත මාලගමුව සහ උෂාන් පෙරේරා ලාෆ්ස් ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරති. ජාත්‍යන්තර තලයේ වැඩිම සාර්ථකත්වයක් අත්පත් කරගත් ශ‍්‍රී ලාංකික ධාවන ශූරයා වන ඩිලන්ත මාලගමුව එම ක්ෂේත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්පත් කරදීමට සමත් වී සිටී. උෂාන් පෙරේරා මෙරට ‘Champion Driver’ සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වූ ධාවන ශූරයෙකි. ඊට අමතරව ජනප‍්‍රිය ගායකයන් වන භාතිය හා සන්තුෂ් ද ලාෆ්ස් ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා සන්නාම තානාපතිවරුන් ලෙස සම්බන්ධ වී සිටිති. 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00