2017 මාර්තු 25 වන සෙනසුරාදා

ඉගෙනුම් කළමනාකරණ පද්ධති සඳහා Ewis සමාගම ගිවිසුම් අත්සන් කරයි

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 227

ගුරුවරුන් සහ සිසුන් අතර දැනුම හුවමාරුවේදී LMS යෙදවුම මගින් සම්පූර්ණයෙන්ම නව ක‍්‍රමවේද භාවිතා කළ හැකි නිසා පන්ති කාමරය තුළ සහයෝගීතාවය වර්ධනය වනු ඇත.

EW Information Systems සමාගම (Ewis) තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ 30 වැනි වසර සමරමින් Microsoft Global Alliance හවුල්කරුවකු වන Learning Possibilities හා එක්ව සම්පූර්ණ විශේෂාංග සහිත ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන (LMS) LP + 365,  Microsoft Office 365 හරහා තම උපාංගවලට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇත. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවති අතර ඒ සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, Ewis සභාපති සංජිව වික‍්‍රමනායක, Learning Possibilities හි ප‍්‍රධාන විධායක නිලධාරී මෙහූල් සන්ගරාජා, මයික්‍රොසොෆ්ට් හි ආසියා පැසිපික් කලාපයේ අධ්‍යාපනික කොටස්කාර අධ්‍යක්ෂිකා රානි බුර්ච්මෝ, ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මයික්‍රොසොෆ්ට් කළමනාකාර බි‍්‍රයන් කෙලී, Headstart හි ප‍්‍රධාන විධායක නිලධාරී හසිත ඩෙලා සහ Global Tutors හි ප‍්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් ෆවුස් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

Microsoft Azure cloud හා සබැඳි LP + 365 යෙදවුම, නව මුහුණුවරකින් යුත් පෞද්ගලික වූ යතුරු පුවරුවකින් සහ විවිධ විශේෂාංගයන්ගෙන් යුක්ත වේ. Office 365 cloud solution මගින් පන්ති කාමරය තුළ ඉගෙනුම් කාර්ය සහ ඇගයුම් කටයුතු වඩාත් හොඳින් කිරීමට උපකාරී වනු ඇත. මීට අමතරව LP + 365 මගින් ගුරුවරුන් සහ සිසුන් අතර නව ඉගෙනුම් ක‍්‍රමවේද භාවිතා කළ හැකි නිසා පන්ති කාමරය තුළ කාර්යක්ෂමතාවය වැඩිදියුණු වනු ඇත. EW Information Systems සමාගම 1997 වසරේදී Microsoft සමාගම හා එක් වූ අතර 2007 වසරේදී Microsoft Education Partner ලෙස අත්වැල් බැඳගන්නා ලදී. ඒ අනුව ඔවුන්ට Microsoft Academic licenses මිලදී ගැනීමේ හා විකිණීමේ අවසරය ලැබී ඇත. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00