2019 ඔක්තෝබර් 31 වන බ්‍රහස්පතින්දා

LankaPay Technnovation 2019 සම්මාන උළෙලේදී මොබිටෙල් mCash සම්මානයට පාත‍්‍රවෙයි.

 2019 ඔක්තෝබර් 31 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:05 82

පසුගියදා කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවති LankaPay Technnovation 2019 සම්මාන උළෙලේදී Fintech කාණ්ඩය යටතේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම මූල්‍ය සේවා සපයන්නා වන mCash ජනප‍්‍රියතම විද්‍යුත් ගෙවීම් කිරීමේ මාධ්‍ය ට හිමි රිදී සම්මානය හිමිකර ගැනීමට සමත්විය.

නොකඩවා තුන්වැනි වසරටත් LankaClear පෞද්ගලික සමාගම විසින් සංවිධානය කළ LankaPay Technnovation සම්මාන උළෙල, මූල්‍ය ගනුදෙනුවලදී පාරිභෝගික සුවපහසුව ඉහළ තලයකට ගෙනයාම වෙනුවෙන් ගොඩනැගෙන නව පාරිභෝගික ප‍්‍රවණතා හඳුනාගෙන, ඒවාට සාර්ථක විසඳුම් ලබාදෙන නව්‍ය වූ මූල්‍ය ගෙවීම් තාක්ෂණ ඇගයීම සිදුකරයි. පාරිභෝගිකයන්ගේ මුල්‍ය ගනුදෙනුවලදී සුවපහසුව වර්ධනය කිරීමට විවිධත්වයෙන් පිරුණු සේවා රැසක් ලබාදීම වෙනුවෙන් අසමසම තාක්ෂණික එළඹුමකින් වෙළඳපළට අවතීර්ණ වූ mCash සිය සේවා වඩාත් හොඳින් ව්‍යාප්ත කිරීම සඳහා බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ නව්‍ය තාක්ෂණික සේවා සපයන්නන්ද ඒකාබද්ධ කරමින් ඉතා විශිෂ්ට ජයග‍්‍රාහී ගමනක් පැමිණ තිබේ.

නව්‍ය තාක්ෂණික හඳුන්වාදීම් වෙනුවෙන් ඩිජිටල් ක්ෂේත‍්‍රයේ නායකත්වය ගැනීම, ජංගම මූල්‍ය ගෙවීම් වේදිකාවන් අතර තත්ත්වය උසස් කිරීමට mCash කළ කැපවීම සහ ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් තාක්ෂණය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා mCash දැක්වූ දායකත්වය මෙම සම්මානය ලැබීම හරහා මනාව පිළිඹිබු වේ. මුදල් හුවමාරු රහිත ආර්ථිකයක් ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැංවීම වෙනුවෙන් සිය සහයෝගය ලබාදීමේ මූලික දැක්ම පෙරදැරිව ඉදිරියට යන mCash වැඩිවන නව අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නවීන තාක්ෂණික ප‍්‍රවණතා තම සේවාවන්ට එකතුකරගනිමින් සහ ඩිජිටල් තාක්ෂණයෙන් ඒකාත්මික වූ සාර්ව ආර්ථික රටාවක් ගොඩනැංවීමට දැනුමෙන් සන්නද්ධ වූ පරිවර්තනීය සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් සිය සහාය ලබාදෙයි.

වසර ගණනාවක් මුළුල්ලේ අඛණ්ඩව වර්ධනය වන සේවාදායකයන් සමඟ ඉහළ ආයතනික වර්ධනයක් අත්පත් කරගැනීමට මෙන්ම, තම නව්‍ය වූ සේවාවන් හරහා තම දෛනික මූල්‍ය ගෙවීම් කටයුතු කාර්යක්ෂමව හා පහසුවෙන් කරගන්නා, දිවයින පුරා විසිරැණු විශාල පාරිභෝගික ජාලයක් ඇති කර ගැනීමටද ඔවුන් සමත් වී ඇත. 2017 වසරේදී SLIM Brands Excellence සම්මාන උළෙලේදී “Online Brand of the Year”  සඳහා රිදී සම්මානය දිනාගැනීම 2019 වසරේදී “Most Innovative Digital Financing Product Sri Lanka” මෙන්ම  “Digital Finance Partnership Sri Lanka” 2018 ලෙස International Business Magazine සඟරාව මගින් ලබාදුන් ජාත්‍යන්තර සම්මාන දෙකක් දිනාගැනීමට සමත්වීම ජංගම මූල්‍ය සේවාවේ mCash ලබා ඇති විශිෂ්ටත්වය පිළිබිඹු කරයි.