2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

සෙලාන් ටිකිරි මාසය අඛණ්ඩව හයවැනි වසරටත්

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

2019 ලෝක ළමා දිනය වෙනුවෙන්, අඛණ්ඩව 6 වැනි වරටත්, සෙලාන් බැංකුව විසින් ‘සෙලාන් ටිකිරි මාසය’ සැමරීම සඳහා විශිෂ්ටත්වයෙන් පෙරමුණ ගනියි.   

ළමුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම සඳහා වන අරමුණු පෙරදැරිව, මෙම වසරේ සෙලාන් ටිකිරි ප‍්‍රචාරණයෙන් වඩාත් සුවිශේෂී තෑගි ලබාදීමේ ක‍්‍රම මෙන්ම දැනටමත් සෙලාන් ටිකිරි ගිණුම් හිමි දුවාදරැවන්ට සහ නව ගිණුම් හිමි දරුවන් සඳහා ආකර්ෂණීය ප‍්‍රවර්ධන දීමනා ලබාදීමට බලාපොරොත්තු වේ.  

දැනටමත් සෙලාන් ටිකිරි ගිණුමක් හිමි දුවාදරුවන්ට අවමය රු. 750,000/- තැන්පතුවකින් විදුලි ජීප් රථයක්, යතුරැ පැදියක් හෝ යමහා බොක්ස් ගිටාරයක් වැනි ත්‍යාගයන් හිමිකරගත හැක. එසේම නව ගිණුම් හිමි දරැවන් සඳහා ඉහත සඳහන් එක් ත්‍යාගයක් ඇතුළුව සැනසිලි ත්‍යාග 13 ක් දිනාගැනීමට අවස්ථාව සලසාදී ඇත. 

තවද, වයස අවුරැදු 15ට අඩු ළමුන් සඳහා ආරම්භ කරනු ලබන නව සෙලාන් ටිකිරි ගිණුමක් සඳහා රු.100,000/- ක් වටිනා කුඩා පැසිපන්දු කට්ටලයක් සහ තවත් ආකර්ෂණීය ත්‍යාග 10 ක් දිනාගැනීමට අවස්ථාව සලසා දී ඇත. මීට අමතරව නව ගිණුම් අරඹන දරැවන්ට සේම දැනටමත් සෙලාන් ටිකිරි ගිණුමක් හිමි දුවාදරැවන්ට රු.5000/- ක තැන්පතුවකින් කුඩා පැසිපන්දු කට්ටලයක් දිනාගැනීමට අවස්ථාව ඇති සලසා දී අතර නව ගිණුම් හිමි දරැවන්ට ඉහත ත්‍යාගයට අමතරව වෙනත් ත්‍යාග 3ක් දිනාගැනීමට ද  අවස්ථාව හිමිවේ. 

ලෝක ළමා දිනය සමරමින්, ළමා මාසය සඳහා සැලසුම් කර ඇති ප‍්‍රවර්ධන දීමනා පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවිකරණ හා විකුණුම් අංශ ප‍්‍රධානී ගමික ද සිල්වා මහතා පැවසුවේ ”සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව සෑම විටම දරුවන්ගේ මූල්‍ය ශක්තිය සුරක්‍ෂිත කරගැනීම පිණිස නිවැරදි වේදිකාවක් ලබාදීම වෙනුවෙනු වැඩි අවධානයක් යොමු කර ඇති අතර එම`ගින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම  ඕනෑම ඉලක්කයක් සපුරා ගැනීමට ඉඩ ප‍්‍රස්තාව සලසා දීම සිදුකරයි. මෙම ත්‍යාග ලබාදීම් සහ ප‍්‍රවර්ධන යාකාරකම් තුළින් දැනටමත් ගිණුම් හිමි සහ නව ගිණුම් අරඹන දුවාදරැවන්ට ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා සැමරුම් මාසයේ වැඩසටහන් සඳහා සහභාගීවීමටත්, වටිනා ප‍්‍රතිලාභයන් රුසක් අත්වි`දීමටත් අවස්ථාව ලබාදී ඇත. වසර ගණනාවක් පුරාවට ‘සෙලාන් ටිකිරි’ මගින් දරැවන්ට අඛණ්ඩව බැංකු ආධාර ලබාදෙමින්, ඔවුන්ව සාර්ථක අනාගතයකට සවිබලගන්වමින්, අනාගත පරපුරේ වෙනස් වන අවශ්‍යතාවයන් සපුරාලීමට හැකි සෑම විටකම උත්සහ කර ඇති බවයි යනුවෙනි”.

විනෝදය සහ ඩාව දරුවකුගේ වර්ධනයේ අනිවාර්ය කොටසක් බව වටහාගත් සෙලාන් ටිකිරි, මෙම ඔක්තෝබර් මාසය තුළ ලබාදෙන්නා වූ තෑගි පරාසය පුළුල් කරන ලදී. සෙලාන් ටිකිරි ගිණුම් ශේෂයන්ට අනුකූලව විදුලි කාර්, යතුරු පැදි, කුඩා පැසිපන්දු කී‍්‍රඩා කට්ටල, ඩා බෑග්, පාසල් බෑග්, මග්, ළදරු සෙල්ලම් බඩු, ස්කූටර්, දුරස්ථ පාලක ඩ්‍රෝන, බයිසිකල්,  ඕගන්, ඞීවීඞී සෙට්අප්, ටැබ් සහ ටීවී ආදී ත්‍යාග හිමිකරගත හැක. 

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00