2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

කොමර්ෂල් බැංකුව ඉන්ටර්නැෂනල් බෑන්කර් සඟරාවේ විශිෂ්ට ඇගයීමකට

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

ජාත්‍යන්තර බැංකුකරණ මෙහෙයුම් විශ්ලේෂණය පිළිබඳ ලොව මහත් පිළිගැනීමට ලක්ව ඇති එක්සත් රාජධානියේ ප‍්‍රකාශනයක් වන ‘ඉන්ටර්නැෂනල් බෑන්කර්’ සඟරාව මගින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ප‍්‍රකාශයට පත් කොට තිබේ. 

සඟරාව මගින් පවත්වනු ලබන මෙම ඇගයීමේ වැඩසටහන සැලසුම් කොට ඇත්තේ කාර්ය සාධනයේ නව මං සලකුණු කිරීමට ඉහළින්ම සමත් වන සහ සීමා මායිම්වලින් ඔබ්බට යමින් මූල්‍ය ක්ෂේත‍්‍රය ජගත් තලයට ගෙන යාමේ උත්සාහයන්හි නිරත වන පුද්ගලයන් සහ ආයතන ඇගයීමට ලක්කිරීම සඳහාය.

වසර 2015 සිට ඉන්ටර්නැෂනල් බෑන්කර් සඟරාව මගින් කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලද 5 වැනි සම්මානය මෙයයි. පසුගිය සිව් වසර තුළ සඟරාව මගින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම වාණිජ බැංකුව ලෙස දෙවතාවක් ද, විශිෂ්ටතම පෞද්ගලික බැංකුව ලෙස එක් වතාවක් ද, සුළු පරිමාණ බැංකුකරණයේ විශිෂ්ටතම නවෝත්පාදනය වෙනුවෙන් තවත් වතාවක් ද ඇගයීමට පාත‍්‍ර කර ඇත.

ඉන්ටර්නැෂනල් බෑන්කර් සඟරාවට අනුව වසර 2019 සම්මාන ප‍්‍රදානයේදී සම්මාන ලාභීන් තෝරා ගැනීම සඳහා, බැංකු විසින් ආර්ථික වර්ධනය සඳහා වඩාත් අවශ්‍ය වන ප‍්‍රාග්ධනය, ආරක්ෂාව සහ කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා වූ නවතම තාක්ෂණයෙන් යුත් නවොත්පාදන, ලාභය සහ කොටස්කරැවන්ගේ අගයන් උපරිමයට ගෙන ඒම සඳහා සිදු කළ නැණවත් ආයෝජනයන් ආදිය ඉහළින්ම සපිරීම වෙනුවෙන් දරන ලද ප‍්‍රයත්නය සලකා බලන ලදි.

සඟරාව සඳහන් කළ අන්දමට ජයග‍්‍රාහකයන් වූයේ හුදෙක් තම කාර්යය පමණක් මනාව ඉටු කළ බැංකු නොවේ, ක්ෂේත‍්‍රයේ සෙසු පිරිස ද ආකර්ෂණය වන අන්දමින් විශිෂ්ට මෙහෙයුම් සිදු කරමින් කාර්ය සාධනයේ නව තලයන් කරා පැමිණීමට සුවිශේෂී මෙහෙයක් ද ඉටු කළ ආයතනයි.

මෙම සම්මාන ප‍්‍රදානය ව්‍යාපාරයේ ප‍්‍රමාණය, වෙළඳපොළ ප‍්‍රාග්ධනය හෝ සේවක සංඛයාව ආදි සාධන නොතකා සියලුම බැංකු ආයතන සඳහා විවෘත විය. සම්මාන ප‍්‍රදානයේ එකම අරමුණ වනුයේ ගෝලීය වශයෙන් විශිෂ්ට බැංකු ආයතන ක්ෂේත‍්‍රය තුළ මතුකොට දැක්වීමය.

ඉන්ටර්නැෂනල් බෑන්කර්, ඉන්ටර්නැෂනල් ඩිරෙක්ටර් සහ ෆොරෙක්ස් ෆෝකස් යන ප‍්‍රකාශනවල මව් සමාගම වන ෆිනෑන්ස් පබ්ලිෂිං සමාගම, බැංකුකරණ, මූලය සහ ජගත් කටයුතු ආදිය විශ්ලේෂණය කිරීම පිළිබඳ විශ්වසනීයත්වයක් දිනා සිටින මත දැක්වීමේ ප‍්‍රමුඛතම ගෝලීය මූලාශ‍්‍රයක් වේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම නව වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 852 ක් 

සහ බැංකු ශාඛා 267 ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසර වලදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රුසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00