2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

eChannelling සේවාව බ්‍රිතාන්‍ය ගෞරව සම්මාන දිනයි

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

ඩිජිටල් සෞඛ්‍ය සේවා පුරෝගාමී තාක්ෂණික විසඳුම් ලබාදීම උදෙසා බ්‍රිතාන්‍යයේ Capital Finance International සංවිධානය කළ සම්මාන උළෙලේ දී eChannelling සේවාව Cfi.co සම්මානයට පාත‍්‍රවිය.

ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයන්නෙකු ලෙස ඉහළම සෞඛ්‍යාරක්ෂණ ප‍්‍රමිතීන් පවත්වාගැනීම උදෙසා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ දැක්වූ ප‍්‍රමුඛතම දායකත්වයට eChannelling වෙත මෙම සම්මානය ප‍්‍රදානය කෙරිණි. සන්නිවේදන තාක්ෂණය හරහා රෝහල, වෛද්‍යවරයා සහ රෝගීයා අතර තිබුණු හිඩැස නැති කිරීමට eChannelling සේවාවට හැකිවිය. මෙමඟින් රෝහල්වල මෙන්ම සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව, ඵලදායීතාවය ඉහළ නැංවුණු අතර වෛද්‍යවරයකු හමුවීමට තිබු අපහසුතාව ඉවත්කරලීම මඟින් ජනතාවට මහත් පහසුවක් ඇතිවිය.

මෙසේ සම්මානයට පාත‍්‍රවීම පිළිබඳව අදහස් දැක්වූ eChannelling සේවාවේ අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා, මේ සම්මානයට සුදුසුකම් ලැබීම ගැන අපි ඉතාම ආඩම්බර වෙනවා. අපේ කණ්ඩායම් උත්සහය සහ කැපවීම ගෝලීය මට්ටමෙන් හඳුනාගැනීම මෙතෙක් අප පැමිණි ගමනේ ඉතා සුවිශේෂී මඟ සලකුණක්. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම වෛද්‍යවරයෙක් වෙන්කරවා ගැනීම, වීඩියෝ විශේෂඥ උපදෙස් ලබාගැනීම සහ බෙහෙත් ගෙන්වාගැනීම සහ තවත් සේවා රැසක් එකම වේදීකාවක් තුළ ලබාදීමේ අපේ දැක්ම අනූව අපි eChannelling සේවාව ආරම්භ කළා. තාක්ෂණය භාවිත කරමින් සේවා දායකයා සහ ජනතාව අතර හිඩැස අවම කිරීම සහ භාවිතයට පහසු ලෙස කාර්යක්ෂමව සහ ඵලදායීව අපි රටේ සෞඛ්‍යාරක්ෂණ සේවා ජනතාව අතර ප‍්‍රචලිත කිරීමට මෙමගින් හැකිවුණා. ලංකාවේ සෞඛ්‍ය සේවා සපයන විශාල කණ්ඩායමක් eChannelling සේවාව සමඟ එකතුවීමෙන් අප ලබාගත් සාර්ථකත්වය කෙසේ දැයි වටහා ගන්න පුළුවන්. දිවයින පුරා විසිරී සිටින සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම, පිටරට සිටින කණ්ඩායම්වලට සහ සංචාරකයන්ට මෙමඟින් විශාල සේවාවක් ලබාදෙන්න පුළුවන් වුණා. තොරතුරු තාක්ෂණයෙන් සහ දැනුමෙන් ස්වයං පෝෂිත සමාජයක් ගොඩනැගීමේ අපේ දැක්ම අනුව යමින් සමාජය ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමට හැකිවීමට අපට මහත් ආඩම්බරයක්.”

මෙම සම්මානය ප‍්‍රදානය කිරීමේ පරිමාණයන් ලෙස eChannelling විසින් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට කළ පරිවර්තනීය යහ බලපෑම සහ එම කර්මාන්තය වෙනුවෙන් කළ විප්ලවීය සේවාව ඇගයීමට ලක්විය. රෝගීන්ට තමන්ට අවශ්‍ය වෛද්‍යවරයා ඉතාමත් පහසුවෙන් ජංගම දුරකථනයක්, වෙබ් අඩවියක් හෝ ඇප් එකක් ආදී ලෙස ඩිජිටල් බලගැන්වූ වේදිකාවක් තුළින් චැනල් කිරීමේ පහසුව සැපයීමට eChannelling සේවාවට හැකිවිය. මෙහි විනිශ්චය මණ්ඩලය විසින් eChannelling සේවාවේ ඇති සුවිශේෂීභාවය, ඩිජිටල් සෞඛ්‍යාරක්ෂාව ලබාදීමේ ප‍්‍රමුඛයාවීම, දිගින් දිගටම පවත්වාගත් සේවා විශිෂ්ටත්වය, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඵලදායීතාව සහ නව්‍යත්වය නිර්මාණය කරමින් ජන ජීවිතයට අගයක් ඇති කිරීම ආදී අංශ ගැන සළකා බැලිණි. නව ක‍්‍රියාවලියක් ලෙසින් දැනටමත් රජයේ රෝහල්වල සහ වෙනත් වෛද්‍ය මධ්‍යස්ථානවල හොඳින් භාවිතයට ගැනෙන තාක්ෂණයක් හඳුන්වාදීම සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම රෝහල්වල තොරතුරු ක්ෂණිකව ලබාගැනීමේ වේදිකාවක් සකස් කිරීම ආදී නව්‍ය හඳුන්වාදීම් ද අවධානයට ගැනුණු තවත් කාරණා වේ.

වෛද්‍යවරුන් 5000කගෙන්, චැනලින් නියෝජිතයන් 2000කගෙන්, රෝහල් තොරතුරු පද්ධතියක්, සාමාජික කාඩ්පත් සහ මොබයිල් ඇප් එකක දායකත්වයෙන් පෞද්ගලික සහ ආයුර්වේද රෝහල් 200ක අධික සංඛ්‍යාවක චැනලින් සේවා සැපයීම eChannelling කාර්යභාරය වේ.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00