2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

මොබිටෙල් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම අන්තර්ජාල සේවා සපයන්නා වෙයි

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය හඳුනාගැනීමේ ප‍්‍රමුඛතම ආයතනයක් වන Ookla විසින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් වෙත Speedtest Award 2019 සම්මානයෙන් නැවත වතාවක් අභිෂේක ගැන්වීය. 

2019 පළමු කාර්තුවේ සිට දෙවැනි කාර්තුව දක්වා සියලුම කාණ්ඩයන්වල වේගය 27.73 වාර්තා කරගනිමින් මොබිටෙල් විසින් විශිෂ්ට ජයග‍්‍රහණයක් වර්තාකර තිබේ. එමගින් මොබිටෙල් නැවත වරක් ශ‍්‍රී ලංකාවට සුපිරි ජංගම දුරකථන ජාල සේවාවක් ලබාදීමේ ප‍්‍රමුඛයා ලෙස දෙවැනි වතාවටත් තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරගෙන ඇත. 

ලබාගත් මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා,

ජාතික ජංගම දුරකථන ජාලය ලෙස අපි ලංකාවේ සන්නිවේදන ජාල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට විශාල ආයෝජන ප‍්‍රමාණයක් සිදුකළා. එමගින් අපේ වටිනා පාරිභෝගිකයන්ට වේගවත් සහ විශ්වාසනීය ජංගම දුරකථන ජාල සේවාවක් ලබාදීමට හැකිවූ අතර, මෙමඟින් අපගේ  පාරිභෝගිකයන්ට අන්තර්ජාලය හරහා විවිධ දේවල් වේගවත්ව සහ කාර්යක්ෂම සිදුකරගැනීමට අවස්ථාව ලබාදුන්නා. ලංකාවේ සන්නිවේදන වෙළෙඳපොළට හොඳම සේවාවක් ලබාදීමට අපි කළ කැපවීම සහ වෙහෙස අගයන හොඳම සාධකයක් ලෙස මෙම සම්මානය හඳුන්වා දිය හැකියි. නැවත වරක් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම අන්තර්ජාල සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවා වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගත් සංවිධානයක අගය කිරීම තව තවත් සම්ප‍්‍රදායන්ට අභියෝග කරමින් ඉදිරියට යාම සඳහා ශක්තියක් වී ඇත. 4G ජාලයේ අපේ සළකුණ ඉහළින්ම තැබුවා වගේම ඉතාම සාධාරණ මිලකට නවතම තාක්ෂණයේ අත්දැකීම් විඳින්නට හැකි 5G ජාලය ද අපේ පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට කටයුතු කරමින් සිටිමු.

අන්තර්ජාල පරීක්ෂණ උපයෝගීතා සහ ලොවපුරා ජංගම අන්තර්ජාල වේග පරීක්ෂණ දත්ත විශ්ලේෂණ ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයවන Ookla මිලියන 10කට වැඩි පරීක්ෂණ සඳහා සක‍්‍රීයව සම්බන්ධවෙමින් සියලුම Speedtest platforms හරහා සෑම දිනකම පාරිභෝගික දායකත්වය ද ලබාගනිමින් අදවන විට බිලියන 25කට අධික පරීක්ෂණ ඔවුන් සිදුකර ඇත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ගෝලීයව අන්තර්ජාල ක‍්‍රියාත්මකවීමේ සහ භාවිත පහසුකම් විශ්ලේෂණයේ ඉහළින්ම සිටින වඩාත් නිවැරදි ආයතනය ලෙස සියලු දෙනා අතර Ookla පිළිගැනීමට ලක්වී ඇත.

මෙම තීරණය ගැනීමේ දී ශ‍්‍රී ලංකාවේ වේගවත් LTE ජාලය ලෙස Ookla දත්තවලට අනුව මොබිටෙල් විසින් එම කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටි සේවා සපයන්නා වූ අතර 30.30 Mbps වේගයක් සටහන් කරන අතරවාරයේ සිය ආසන්නම තරගකරුවාගේ සටහන් වූයේ 26.84Mbps පමණ වේගයකි. ශ‍්‍රී ලංකාවේ 4G LTE  වල සාමාන්‍ය භාගත වේග දත්ත පදනම් කරගෙන මෙම ප‍්‍රතිඵලය වාර්තාවූ අතර පරීක්ෂණය සිදුවූයේ 2019 පළමු කාර්තුවේ Speedtest Intelligence® data යටතේය. එමෙන්ම Ookla විසින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම 5G ජාල සන්නිවේදන තාක්ෂණ සේවා සපයන්නා ලෙස ද මොබිටෙල් හඳුනාගෙන ඇත.