2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවේ ජංගම සන්නිවේදන සහකරු මොබිටෙල්

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

තොරතුරු තාක්ෂණයේ සංවර්ධනයට තම අඛණ්ඩ දායකත්වය ලබාදීම තවදුරටත් තහවුරු කරමින් 2019 ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවේ NITC& 2019 ජංගම සන්නිවේදන සහකරැ ලෙස මොබිටෙල් අත්වැල් බැඳගනී. මෙම සමුළුව 2019 ඔක්තෝබර් 8 සිට 10 දක්වා කොළඹ ෂැන්ග‍්‍රි-ලා හෝටලයේදී පැවැත්වෙන අතර මෙහිදී නවතම ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවන් සැපයීමේදී එම අංශයේ පුරෝගාමීව කටයුතු කරන මොබිටෙල් සමගින් ඩිජිටල් තාක්ෂණයට මූලිකත්වයක් ලැබෙනු ඇත.

මෙම සමුළුවේදී ඩිජිටල් මාධ්‍ය, ඩිජිටල් ආරක්ෂාව, කෘතිම බුද්ධිය සහ IoT, ඩිජිටල් ගෙවීම්, ඩිජිටල් යටිතල පහසුකම් යනාදිය පිළිබඳව ද අවධානය යොමු කෙරේ. මොබිටෙල් ඩිජිටල් සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නවෝත්පාදකයකු ලෙස තම ස්ථාවරය ගොඩනගාගෙන ඇති අතර ශ‍්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පරිනාමණයේ ගාමක බලවේගය වශයෙන් කටයුතු කරනු ලැබේ. තාක්ෂණික විප්ලවයේ ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීම සඳහා අනාගත තාක්ෂණික නිෂ්පාදන සහ සේවාවන් සඳහා සුවිශේෂී මධ්‍යස්ථානයක් වන අන්තර්ජාල කටයුතු පිළිබඳ සංකල්ප ගබඩාවක් වන එක්ස් ස්ටේෂන් එළිදැක්වූ පළමු ටෙලිකොම් ආයතනය මොබිටෙල් වේ. සීඝ‍්‍රයෙන් වෙනස් වන ඩිජිටල් තාක්ෂණය සමඟ එක්වී කටයුතු කිරීමට සහ නවතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ දියුණුව ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට මොබිටෙල් ආයතනයේ උද්යෝගය මෙයින් විදහා දක්වයි. මොබිටෙල් හි ඩිජිටල් ගෙවීම් වේදිකාව වන mCash විවිධ අංශවලට සිදුකරන ගෙවීම් සිදුකිරීමට පහසුකම් සපයන අතර මිලියන සංඛ්‍යාත පරිශීලකයන් සඳහා  ජංගම මුදල් ගනුදෙනු සැබවින්ම සරල කර ඇත.

අනාගත ඩිජිටල් තාක්ෂණ ප‍්‍රවණතා පිළිබඳව ප්‍රේක්ෂකය්න දැනුම්වත් කිරීමට දේශීය හා විදේශීය කථිකයන් 30 දෙනකු ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව 2019 ඇමතීමට නියමිතය. මෙම අවස්ථාවට CIO ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයන්, අවදානම් තත්ත්වයන් පිළිබඳ වෘත්තිකයන්, තොරතුරු සුරක්ෂිතතා සහ පාලන වෘත්තිකයන්, තොරතුරු තාක්ෂණ කළමනාකරැවන්, මෘදුකාංග කළමනාකරුවන් මහත් උද්යෝගයෙන් සහභාගී වනු ඇත. ශ‍්‍රී ලංකාවේ තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ (තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ) වෘත්තිකයන් නියෝජනය කරන ඉහළම ආයතනය වන 1976 දී ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකාවේ පරිගණක සංගමය (CSSL) විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.

CSSL අග්නිදිග ආසියාවේ කලාපීය පරිගණක සම්මේලනයේ (SEARCC)  සහ තොරතුරැ සැකසීමේ ජාත්‍යන්තර සම්මේලනයේ IFIP සාමාජිකයෙක් වේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඉසව්ව වන ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව CSSL විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. NITC යනු රටේ විශාලතම හා දීර්ඝතම කාලයක් පුරා පවත්වන තොරතුරැ තාක්ෂණ සමුළුවයි. ශ‍්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) ලේකම් කාර්යාලයේදී NITC සමඟ හවුල්කාරිත්වය විධිමත් ආකාරයෙන් ගොඩනගා ගැනීමට මොබිටෙල් ආයතනය  කටයුතු කරන ලදී.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00