2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

මොබිටෙල් වෙතින් Samsung Galaxy Note 10 & 10+ යුගල

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 119

නවීන තාක්ෂණය සහ උපාංග ශ‍්‍රී ලාංකිකයන්ට හඳුන්වාදීමේ ප‍්‍රමුඛයා වන මොබිටෙල්  විසින් සිය පාරිභෝගික ජනතාව පුල පුලා බලා සිටි නව්‍ය තාක්ෂණයේ සුපිරිතම ස්මාර්ට් දුරකථන යුගලය Samsung Galaxy Note 10 & 10+ මිලදී ගැනීමේ අවස්ථාව දැන් උදාකර දී ඇත. සැමවිටම වෙළඳපළට අලුතෙන්ම එන උපාංග හඳුන්වාදීමේ ප‍්‍රමුඛයා වන මොබිටෙල් නවතම Galaxy Note 10 සහ 10+ දුරකථන යුගලය වෙළඳපළට ඉදිරිපත් කිරීම තම ව්‍යාපාරික ගමන් මගෙහි තවත් එක් සුවිශේෂී සලකුණක් ලෙස දැකිය හැක.  

Zoom-In mic, Video Bokeh ඇතුළත් නව විශේෂාංග වලින් සමන්විත කැමරාව, 4,300mAh බලැති intelligent battery ධාරිතාව සහිත මෙම බලගතු ස්මාර්ට් දුරකථනයටම සුවිශේෂී වූ විප්ලවීය S Pen එක සහිතව මෙම අතිප‍්‍රබල Galaxy Note 10 සහ 10+ දුරකථනය නිෂ්පාදනය කර ඇත. මෙම දුරකථනය මිලදීගන්නා පාරිභෝගිකයන් සඳහා කිසිවෙකුටත් සමකළ නොහැකි අතිශය වටිනා දීමනාවක් ලෙස මසකට 4GB අන්තර්ජාල භාවිතාවක් මාස 12ක් තුළ නොමිලේ ලබාදීමට මොබිටෙල් කටයුතු කරයි. තෝරාගත් මොබිටෙල් ශාඛා වලින් Galaxy Note 10 සහ 10+ දුරකථනය රැ.182,990/- සිට ඉහළට ලබාගැනීමේ හැකියාව සැමට විවෘත කර තිබේ.  

අති ප‍්‍රබල කැමරාවක් වේගවත් ක‍්‍රියාකාරීත්වයක් ප‍්‍රබල සන්නිවේදන විශේෂාංග රැසක් කාර්යක්ෂම තාක්ෂණික උපාංග, මනබඳින හැඩයක් සහ සුපැහැදිලි පුළුල් තිරයකින් සමන්විත Galaxy Note 10 සහ 10+ දුරකථන යුගලය විසින් පාරිභෝගිකයාට වෙනත් දුරකථනයකින් ලබාගත නොහැකි අසමසම සන්නිවේදන අත්දැකීමක් ලබාදෙයි. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රමාණ දෙකකින් සහ තෝරාගැනීමට වර්ණ දෙකකින් හඳුන්වාදෙන මෙම නව දුරකථන යුගලය ඔබේ අවශ්‍යතාවයට සහ ජීවන රටාවට වඩාත් ගැලපෙන ලෙස නිෂ්පාදනය කර ඇති Note දුරකථන පෙළෙහි නවතම සාමාජිකයා වේ.  

වැඩිදුරටත් Note දුරකථන තිර අතර විශාලතම දුරකථන තිරය 17.16cm (6.8 inch) ලෙස Galaxy Note10+ දුරකථනය හඳුන්වාදිය හැකි අතර, සිහින් හැඩයකින් සහ Cinematic Infinity-O Display තාක්ෂණයෙන් මෙය සමන්විත වේ. S Pen උපාංගයේ බලය සහ වඩාත් කාර්යක්ෂම සංයුත තිරයක සුවපහසුව බලාපොරොත්තු වන අය සඳහා 15.94cm (6.3 inch) තිරයකින් සමන්විත Galaxy Note10+ දුරකථනය Cinematic Infinity-O Display තාක්ෂණයෙන් සමන්විත වේ.      

ශ‍්‍රී ලංකාවේ දී Galaxy Note10+ දුරකථනය 12GB RAM+256GB සහ 12GB RAM + 512GB යන ධාරිතාවන්ගෙන් Micro SD කාඩ් එකක් සහිතව පැමිණෙන අතර, පාරිභෝගිකයන්ට එහි ගබඩාකිරීමේ ධාරිතාව අමතර 1TB දක්වා ඉහළ නංවාගත හැක. Galaxy Note10 දුරකථනය 8GB RAM + 256GB ධාරිතාවන්ගෙන් පමණක් පැමිණේ. මෙම දුරකථන දෙකම වර්ණ දෙකක් සහිතව හඳුන්වා දී ඇති අතර, Galaxy Note 10+ දුරකථනය Aura Glow සහ Aura Black වර්ණ දෙකෙන්ද Galaxy Note 10 දුරකථනය Aura Glow සහ Aura Black වර්ණයන්ගෙන්ද පැමිණේ.