2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

සොබා අසිරියේ නව මානය සොයා යන සිංහාභිමානය ඡායාරූප දැක්ම

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

ලෝක ඡායාරූප දිනය අගෝස්තු මස 19 දිනට යෙදී තිබේ. ඡායාරූපකරණයට දෘශ්‍ය සන්නිවේදනයේ සහ ප‍්‍රකාශනයේ සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇත. ඇමෙරිකානු  ජාතික ඡායාරෑප ශිල්පී ඇල්ෆ‍්‍රඩ් ස්ටිග්ලිස්ට අනුව ඡායාරූපකරණයේදී යථාර්ථය කොතරම් සියුම් ද යත් එහි යථාර්ථය වඩා යථාර්ථයක් වේ ඒ අනුව ඡායාරෑප ශිල්පය ආරම්භයේ සිට සුහුරු තාක්ෂණය දක්වා දෘශ්‍ය ලෝකය තෙවැනි ඇසට හසුකර ගනිමින් මානව දැනුම හා අවබෝධය පුළුල් කිරීමේ විශාල කාර්යභාරයක් ඉටුකොට තිබේ. එසේම දහසක් වචනවලින් කියැවෙන කතාවකට වඩා එක් ඡායාරෑපයකින් ජන හදවත් කම්පනය කළ හැකි වේ. සෞන්දර්යාත්මක බව සඟවාගත් ගහකොල සතා සිව්පාවුන් මතින් ගොඩනැගෙන සොඳුරු ලෝකය ජන හදවත් තුළ තැන්පත් කිරීම සඳහා කාලය සහ ශ‍්‍රමය කැප කරමින් සැලසුම් සහගත ක‍්‍රියාවලියකින් ග‍්‍රහණය කර ගන්නා සොඳුරු දසුන් හා බැඳුණු අනෙක් වැදගත් ලක්ෂණය වන්නේ ක්ෂණිකත්වයයි. ඒ අනුව ඡායාරෑපකරණය යනු කල්පවත්නා රූප නිර්මාණය තුළින් ජන හදවත් සෞන්දර්යාත්මක රසයෙන් පුරවන අතරම දැනුම සහ අවබෝධය ලබාදෙන්නා වූ සංවේදී  කලා මාධ්‍යයකි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉංජිනේරුවෙකු, අමාත්‍යවරයෙකු, ලේඛකයෙකු සේම සුවිශේෂී ඡායාරූප ශිල්පියෙකුද වේ. ගහට, කොළට, පරිසරයට ආදරය කරන දැඩි පරිසර හිතෛශියෙකු වන චම්පික රණවක අමාත්‍යවරයා නිශ්චල කැමරාව අතට ගත් මොහොතේ සිට සොඳුරු දසුන් ග‍්‍රහණය කර ගැනීමට සුවිශේෂී සමත්කමක් දක්වා ඇත. ගලායන සෑම තත්පරයක්ම අතීතයට එකතු වන මේ ලෝකයේ දෘශ්‍යමාන වන සොඳුරු දසුන් වර්තමානයේ සහ අනාගතයේ පර්යාත්මකව දෘශ්‍යමාන කරන්නට, ජන මනස අවදි කරන්නට ඡායාරෑපකරණය මගින් එතුමන් දැරුවා වූ සොඳුරු උත්සාහය Mega Pride (සිංහාභිමානය) ඡායාරූප ප‍්‍රදර්ශනය යි. එය අගෝස්තු 19, 20 සහ 21 යන දිනවල පෙ.ව. 10.30 සිට ප.ව. 10.30 දක්වා පැරණි ලන්දේසි රෝහල* පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. සොබා අසිරියේ චමත්කාරය රුගත් ඡායාරෑප එකතුවක රඟසොබාව සැබෑ ලෙසම විඳගන්නට සහෘද ඔබ සැමට ආරාධනා කරමු.

පාඨලි චම්පික රණවක