2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සිය ඩිජිටල් ප‍්‍රවේශය උතුරු පළාතටත්

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සමඟ එකමුතුවෙන් උතුරු පළාතේ සන්නිවේදන පහසුකම් ප‍්‍රවර්ධනය කිරීම උදෙසා ඩිජිටල් ප‍්‍රවේශයක් ලබාගනී. නිලධාරීන් සහ ජාතික මාධ්‍ය ජාලයන්ගේ සහභාගීත්වය ඇතිව යාපනේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී මෙම සුවිශේෂී මූලාරම්භය සනිටුහන් කළේය. උතුරු පළාත ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ ප‍්‍රදේශයක් කිරීමේ ජාතික අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා SLT කණ්ඩායම මෙම ඩිජිටල් තාක්ෂණික ප‍්‍රවේශය ක‍්‍රියාත්මක කරයි. SLT හි ජාතික ඩිජිටල් තාක්ෂණික ප‍්‍රවේශය තුළින් ආරක්ෂාව, පරිපාලනය, සෞඛ්‍ය, ඉදකිරීම්, දෛනික අවශ්‍යතා, පරිසරය, ප‍්‍රවාහනය සහ ගමනාගමනය, කෘෂි කර්මාන්තය, මූල්‍ය, අධ්‍යාපනය, ශ‍්‍රම බලකාය සහ යටිතල පහසුකම් යන ප‍්‍රධාන පදනම් මතින් රටටම බලපාන තොරතුරැ තාක්ෂණ යටිතල පහසුකම්  ගොඩනැංවීමක් සඳහා සැලසුම් කරයි.

සෑම අංශයක් යටතේම විවිධ ව්‍යාපෘති රුසක් ආරම්භ කරන අතර, රජයේ කාර්යාල ක‍්‍රමවේදයන් පරිපාලනය සහ තාක්‍ෂණීක මුහුණුවරක් ලබාදීම ඉලක්කකරමින් ක‍්‍රියාත්මක වීමට අමතරව උතුරු පළාතේ ජීවත්වන ජනතාවගේ ජීවන රාටාවට ඩිජිටල් තාක්ෂණය මුසුකරමින් ඔවුන්ට ද නව්‍ය ලෝකයේ ඩිජිටල් තාක්ෂණික විසඳුම් අත්දකින්නට අවස්ථාව උදාකරදීම මෙහි අරමුණයි. ශ‍්‍රී ලංකා ටෙලිකොම් විසින් තම සමූහයේ සිටින මොබිටෙල් ආයතනය, PeoTV සහ අනෙකුත් උපආයතන සම්බන්ධ කරගෙන මෙම සුවිසල් ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, මෙමඟින් විවිධ අංශවල ආකෘතීන් ඩිජිටල්කරණයට ලක්කරමින් අනාගතය වෙත ක‍්‍රියාත්මක වේ. සුහුරු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කරමින් එහි ප‍්‍රතිලාභ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට කැපවීමේ රජයේ අරමුණට දායකත්වය ලබාදීම වෙනුවෙන් SLT සමූහය මෙම වැඩසටහනට ඉතාමත් කැපවීමෙන් දායකත්වය ලබා දේ. ජාතික ඩිජිටල් ප‍්‍රවේශය දියත් කිරීම තුළින් රටේ අනාගත ඩිජිටල් තාක්ෂණ වටපිටාව ගොඩනැංවීම උදෙසා SLT සමූහය විසින් දරන කැපකිරීම මෙයින් පැහැදිළි වේ.

බහුජාතික සමාගම්, විශාල සහ කුඩා සමාගම්, පෞද්ගලික අංශය එදිනෙදා ව්‍යාපාරිකයන් සහ දේශීය පාරිභෝගිකයන්ට විශාල පරාසයක පැතිරුණු තොරතුරු සන්නිවේදන විසඳුම් සහ පහසුකම් සපයාදෙමින් SLT සමූහය මිලියන 11ක පමණ ශක්තිමත් පාරිභෝගික පදනමක් ඇති ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම සන්නිවේදන පහසුකම් සපයන්නා වේ. එමෙන්ම රටේ තොරතුරැ සන්නිවේදන තාක්ෂණ මූලික ආකෘතිය නිර්මාණය කිරීමට දායකත්වය සපයන ප‍්‍රධානතම මූලය ලෙස SLT ආයතනය සැලකිය හැකි අතර, රටේ අනාගත ඩිජිටල් ව්‍යුහය කෙසේ නිර්මාණය වියයුතුදැයි අධ්‍යයනය කරමින් එය අදාළ අපේක්ෂා කරා ගමන් කරවීමේ මූලිකත්වය ගෙන කටයුතු කරමින් විශිෂ්ට තොරතුරු තාක්ෂණ සේවාවක් රටේ ජනතාවට ලබාදීම වෙනුවෙන් මහත් කැපවීමක් සිදුකරයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00