2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

මොබිටෙල්, සිය ලෙන්ගතු පාරිභෝගිකයන් සඳහා මොබිටෙල් රිවෝඩ්ස්’ (Mobitel Rewards) වැඩසටහන දියත් කරයි

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 506

නවෝත්පාදන මත පදනම් වූ සමාගමක් ලෙස, ශී‍්‍ර ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, පාරිභෝගික මුලික සේවාවන් සඳහා නිරතුරුව සැදී පැහැදී සිටී. තවත් එක් ඉදිරි පියවරක් තබමින් සිය ලෙන්ගතු පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ‘මොබිටෙල් රිවෝඩ්ස්’- සුවිශේෂී වැඩසටහන මොබිටෙල් විසින් සාඩම්බරයෙන් දියත් කරයි. මොබිටෙල් සමඟ පාරිභෝගිකයින්ගේ පවතින සබඳතා ශක්තිය හඳුනාගැනීම සඳහා නිර්මාණය කර ඇති පක්‍ෂපාතීත්ව ප‍්‍රතිලාභ ක‍්‍රමය මගින් ඔවුන්ට විශේෂ දීමනා සහ වට්ටම්ද හවුල්කාර වෙළඳුන් විසින් ලබාදෙන විශේෂ වාසි ද ඇතුළු ප‍්‍රතිලාභ රැසක් පිරිනමනු ලැබේ. බිල්පත් ගෙවීම්, නවීන ස්මාර්ට් දුරකථන, උපකරණ, උපාංග මිලදී ගැනීම් සහ පෙර ගෙවුම් ප‍්‍රතිපූරණය කිරීම් සඳහා සිය ප‍්‍රසාද ලකුණු භාවිතා කළ හැකි වීමද මෙම ප‍්‍රතිලාභියන්ට ඇතුළත් වේ. භාවිතය සහ මොබිටෙල් ජාලයට දක්වන පක්‍ෂපාතිත්වය අනුව මෙම ප‍්‍රතිලාභ ප‍්‍රමාණය වෙනස් වේ. ඒ අනුව සිය පාරිභෝගිකයින් නිල්, රිදී, රන් සහ ප්ලැටිනම් යන කාණ්ඩ යටතේ නම්කර ඇත. මෙය සිය පාරිභෝගිකයින් මොබිටෙල් ජාලය සමග ඇති අඛණ්ඩ පක්‍ෂපාතිත්වයට ප‍්‍රතිචාර දැක්වීමටත්, පාරිභෝගිකයින්  සහ ජාලය අතර ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමටත් මොබිටෙල් විසින් ගනු ලැබූ මුලික ආරම්භක පියවරකි. පෙරගෙවුම්, පසුගෙවුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබාගෙන ඇති සියලුම පෞද්ගලික පාරිභෝගිකයින් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබන අතර #071# ඇමතීමෙන් හෝ මොබිටෙල් සෙල්ෆ්කෙයා ස්මාර්ට් දුරකථන යෙදවුම හරහා සිය ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණය දැනගැනීමට සහ ඒවා භාවිත කිරීමට ඔවුන්ට හැකියාව ඇත.

මොබිටෙල් රිවෝඩ්ස් වැඩසටහන සම්පාදනය කර ඇත්තේ සිය පාරිභෝගිකයින්ට සෑම වර්ගයකම ස්මාර්ට් දුරකථන, උපාංග සහ ස්මාර්ට් හෝම් උපකරණ ලබාදීම සඳහා වන අතර තම පාරිභෝගික කාණ්ඩය ඉහළ නම් සෑම ප‍්‍රසාද ලකුණකටම ලැබෙන වටිනාකමද වැඩි වේ. මිලදී ගැනීම් සිදුකිරීමේදී ප්ලැටිනම් පාරිභෝගිකයන් වෙනුවෙන් ප‍්‍රසාද ලකුණක් සඳහා රුපියල් 15ක් දක්වා වටිනාකමක් ලබාගත හැකිය. ඒ අනුව, මොබිටෙල් ජාලය සමඟ පාරිභෝගිකයා සම්බන්ධ වී සිටි කාලය දිගු වන තරමට ඔහුට ලැබෙන ප‍්‍රතිලාභයන්ද වැඩිවේ. මෙම විශ්මයජනක ප‍්‍රතිලාභ වැඩසටහන සිය සෑම පක්‍ෂපාතී පාරිභෝගිකයෙකුටම නවීන තාක්‍ෂණයේ වාසි ලබාදීමට මොබිටෙල් දක්වන අභිලාශයට සාක්‍ෂියක් වන අතර ‘මොබිටෙල්-සැමවිටම ඔබ සමඟයි’ යන ඔවුන්ගේ ආදර්ශ පාඨය සනාථ කිරීමක්ද වන්නේය. 

සැලකීම සහ අවධානය මොබිටෙල් සන්නාමයත් සමඟ ජානගත වී ඇති අතර ඔවුන්ගේ පාරිභෝගික කේන්ද්‍රීය ප‍්‍රවේශය සිය සෑම නිෂ්පාදනයක් මගින්ම පාරිභෝගිකයාට පහසුව සහ වේගය ගෙන දෙමින් ඔහුව බලගැන්වීම සනාථ කර ඇත. සිය හදවතින්ම ජාතික ජංගම දුරකථන සේවා ජාලයේ මෙහෙය ඉටුකරන මොබිටෙල්, 5G සහ Lot වැනි සුවිශේෂී නවෝත්පාදනයන් හඳුන්වා දී ඇති අතර විදුලි සංදේශ ක්ෂේත‍්‍රයෙන් ඔබ්බට ගොස් ප‍්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්‍ෂාව, විවේකය සහ ජංගම මුදල් අංශ ආක‍්‍රමණය කරමින් සිය පාරිභෝගිකයින්ට වැඩි සේවා වටිනාකමක් ලබාදීමට සමත්ව සිටී.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00