2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම Genie සහ eZ Cash හරහා රක්‍ෂණ වාරික ගෙවීම සඳහා පහසුකම් සලසයි.

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

ශ‍්‍රී ලංකාවේ එකම සහ ප‍්‍රථම PCI-DSS සහතිකය ලත් මොබයිල් ගෙවීම් app එක වන Genie සහ මෙරට ප‍්‍රථම සහ විශාලතම මොබයිල් මුදල් හා ගෙවීම් සේවාව වන eZ Cash ගෙන එන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම ශ‍්‍රී ලංකාවේ රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් SLIC සමඟ අත්වැල් බැඳගනු ලබයි. මෙම සබඳතාව මගින් රක්‍ෂණ හිමියන් වෙත තත්කාලීන, ආරක්‍ෂිත හා පහසුවෙන් වාරික ගෙවීමේ ක‍්‍රමවේදයක් ලබාදීමට අපේක්‍ෂිතයි

SLIC රක්ෂණ ඔප්පු හිමියන් වෙත ඔවුන්ගේ රක්ෂණ වාරික ගෙවීම් සිදුකිරීමට පහසුවෙන් භාවිත කළ හැකි ක‍්‍රමයක් ලබාදීමේ අරමුණින්, සුරක්ෂිතව, ඕනෑම SLIC රක්ෂණ ඔප්පු හිමියකුට Genie සහ eZ Cash මොබයිල් app හරහා Google Play Store සහ Apple App Store වෙතින් ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව සහ genie.lk වෙබ් අඩවිය හරහා හෝ #111# eZ Cash USSD කේතය අමතා ඉක්මනින්, ඩිජිටල් ආකාරයට සහ ඔවුන්ගේ පහසුව අනුව ගෙවීම් කිරීමට මෙම හවුල්කාරීත්වය ඉඩ සලසයි. 

සිය අදහස් බෙදාගනිමින් ඩයලොග් ආසියාටා පීඑල්සී හි ඩිජිටල් සේවා ප‍්‍රධානී ආචාර්ය නුෂාඩ් පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වීය.

නවෝත්පාදන හා තාක්ෂණය උපයෝගී කර ගනිමින් ශ‍්‍රී ලාංකික ජන ජීවිත හා ව්‍යවසායන් සවිබල ගැන්වීමට හා පොහොසත් කිරීමට උත්සාහ කරන සමාගමක් ලෙස,  ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක රක්ෂණ ගෙවීම් සිදුකිරීම සඳහා ගනුදෙනුකරැවන්ට මෙම පහසු, ඩිජිටල්කරණය කළ සහ සුරක්ෂිත ගෙවීම් ක‍්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් SLIC සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා.

SLIC හි ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා මෙසේ පැවසීය.

කාර්යක්ෂමතාව, ඵලදායීතාව සහ වෙළෙඳපොළ ජය ගැනීම සඳහා නව හා නවොත්පාදන විසඳුම් හඳුන්වා දීමෙන් තාක්ෂණය වැළඳගැනීම SLIC හි ප‍්‍රධාන උපාය මාර්ගික පියවරක් වී තිබෙනවා. අපගේ ව්‍යාපාරය ගනුදෙනුකරු වෙත සමීප කරවීම සඳහා වන මෙම උපාය මාර්ග මගින් නියෝජිතයන් ආදී අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ට වටිනාකමක් එක් කරනු ඇති අතර නව වර්ධන අවස්ථා ඇතුළු විවිධ ව්‍යාපාරික අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීමට SLIC වෙත අවකාශ සලසනවා. අද අපි ඩයලොග් ආසියාටා පීඑල්සී සමඟ හවුල්කාරීත්වයකින් ඉදිරියට යනවා. Genie App දියත් කිරීමත් සමඟ අපගේ ගනුදෙනුකරැවන්ට විවිධ මාර්ග හරහා පුළුල් ප‍්‍රවේශයක් ලබාදීමේ අපගේ අරමුණට එය සහායක් වෙනවා. SLIC ගනුදෙනුකරැවන්ට කරදරයකින් තොරව සුරක්ෂිත ගෙවීම් අත්දැකීමක් භුක්ති විඳින අතරම මුදල් රහිත රක්ෂණ වාරික ගෙවීම් කිරීමේ උපරිම පහසුව තුළින් තවදුරටත් ප‍්‍රතිලාභ ලැබෙනු ඇත.

(වමේ සිට දකුණට) SLIC හි ප‍්‍රධාන තොරතුරැ නිලධාරී ආලෝක ජයවර්ධන, SLIC හි ප‍්‍රධාන විධායක නිලධාරී, චන්දන එල්. අලුත්ගම, SLIC හි කළමනාකාර අධ්‍යක්ෂ දුෂ්‍යන්ත බී. බස්නායක, ඩයලොග් ආසියාටා පීඑල්සී හි ඩිජිටල් සේවා ප‍්‍රධානී ආචාර්ය නුෂාඩ් පෙරේරා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි වෙළෙඳ කටයුතු හා විකිණුම් අංශයේ ප‍්‍රධාන කළමනාකරැ උදය ජයසුන්දර, ඩයලොග් ආසියාටා පීඑල්සී හි ෆින්ටෙක් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ගිමාලි සොයිසා, සහ ඩයලොග් ආසියාටා පීඑල්සී හි ජංගම මුදල් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරැ පද්මනාත් මුතුකුමාරණ.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00