2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

පීපල්ස් ලීසිං වෙතින් රෝහල් සත්කාරක සේවා රුසක්

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් හා මෙරට දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා කැප වූ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ (ශික්ෂණ) හදිසි අනතුරු සේවා අංශය හා ශ‍්‍රවණාගාරය පිළිසකර කර වර්ණ පිරියම් කිරීම පසුගියදා සිදු කෙරුණි. පිළිසකර කළ එම රෝහලේ හදිසි අනතුරු සේවා අංශය හා ශ‍්‍රවණාගාරය රෝහල් අධිකාරියට පැවරීම පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ලක්සඳ ගුණවර්ධන මහතා, ප‍්‍රධාන කළමනාකරු (අලෙවි), වජිර රාමනායක මහතා හා එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ සමාජ සත්කාරක අංශයේ නිලධාරීන්, රිජ්වේ ආර්යා ළමා රෝහල (ශික්ෂණ) නියෝජනය කරමින් හදිසි අනතුරු සඳහා වූ වාට්ටු අංක 13 භාර වෛද්‍ය දුලානි අමරසිංහ, ශ‍්‍ර‍්‍රවණාගාරය භාර නිලධාරී - අජිත් සුසන්ත, හදිසි අනතුරු සේවා අංශය භාර ප‍්‍රධාන හෙද සොයුරිය විනීතා රත්නායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

හදිසි අනතුරැ සේවා අංශයට අයත් වාට්ටු අංක 13 පීපල්ස් ලීසිං සමාගම විසින් පින්තාරැ කරනු ලැබුවේ දහනව වසරකට පසුව වීම විශේෂත්වයකි. මේ අනුව එම රෝහලේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් අංශය, හදිසි ප‍්‍රතිකාර අංශය, එන්නත් කාමරය, මව්වරැන්ගේ කාමරය. ෆාමසිය, වාට්ටු භාර වෛද්‍යවරැන්ගේ කාමරය, හෙද නිලධාරීන්ගේ කාමරය හා රෝගී ප‍්‍රතිකාර කාමරය ඇතුළු හදිසි අනතුරැ අංශයට ප‍්‍රවේශය අවශ්‍ය පිළිසකර කිරීම්වලින් අනතුරුව වර්ණ ගන්වන ලදී.

පීපල්ස් ලීසිං සමාගම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සිදුකළ පරිත්‍යාග සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසුවේ මෙවැන්නකි. 

දිනකට ප‍්‍රතිකාර සඳහා දරුවන් 150කට අධික පිරිසක් පැමිණෙන අප හදිසි අනතුරැ ඒකකය තුළ වඩාත් සුව පහසු හා දියුණු සෞඛ්‍ය සේවාවක් සැපයීමට අප සැම දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහය සැලකිය යුතු අන්දමින් ලැබෙන අතර පෞද්ගලික අංශයේ දායකත්වයත් එහි වැදගත් සාධකයක්. ඒ නිසා අප විවිධ වැඩිදියුණු කිරීම් සඳහා පෞද්ගලික අංශයේ ආයතනවල දායකත්වය ලබාගන්නවා. අප අපේක්ෂා කළ තරමටත් වඩා උසස් ලෙස මෙම සද්කාර්ය සිදු කිරීමට පීපල්ස් ලීසිං සමාගම ඉදිරිපත් වීම ගැන අප කෘතවේදී වෙනවා.

පීපල්ස් ලීසිං සමාගම දියත් කළ උක්ත සමාජ සත්කාරය සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරැ සේවා අංශය භාර හෙද සොයුරිය වී.එස්. රත්නායක මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

පීපල්ස් ලීසිං සමාගම දරුවන්ගේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් අප රෝහලේ හදිසි අනතුරැ සේවා අංශයේ පිවිසුම, අභ්‍යන්තරය හා වාට්ටු අංක 13 යනාදී සියලු අංශ ආවරණය වන පරිදි සිදුකළ වර්ණ පිරියම් කිරීම හා අලුත්වැඩියා කිරීම අප නොසිතූ ලෙස ඉතා ඉක්මනින් සිදුකර දුන්නා. එයට අමතරව සැත්කම්වලට භාජනය වීමෙන් වේදනාවෙන් සිටින දරුවන්ගේ අවධානය වෙනස් කිරීමට ඉතා අලංකාර ළමා සිතුවම් සිවිලිම මත ඇඳීමක් ද සිදුකර තිබීමෙන් දරුවන් සනසා ගැනීමට විශාල පිටුවහලක් ලැබෙන බව මා අත්දුටුවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ සිදුකළ සමාජ සත්කාරයට සමාගාමීව කොළඹ පිහිටි ප‍්‍රමුඛතම කාන්තා රෝහලක් වන ද සොයිසා කාන්තා රෝහලෙහි රුධිර සාම්පල ප‍්‍රවාහනය සඳහා නවීන තී‍්‍රවිලරයක්, වාට්ටු අංක 15 මාතෘ ඇඳන් තිරරෙදි යොදා වෙන් කිරීම හා වාට්ටු අංක 05 හි සූතිකාගාරය සඳහා වායු සමීකරණ යන්ත‍්‍ර 2ක් ප‍්‍රදානය කෙරිණි.

පීපල්ස් ලීසිං සමාගම විසින් ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ ඒකකයට සිදුකළ පරිත්‍යාගය සම්බන්ධයෙන් එම රෝහලේ වත්මන් අධ්‍යක්ෂවරිය, වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

නොමිලේ සෞඛ්‍ය පහසුකම් සලසන රටක් වශයෙන් රෝහල් කටයුතු සිදුකරගෙන යෑමට අපට ලැබෙන්නේ සීමිත ප‍්‍රතිපාදනයි. එම නිසා පෞද්ගලික අංශයේ සහයෝගීතාව නිසා මේ ආකාරයට රෝහලේ සේවා සත්කාරයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අප රෝහලේ ගුණාත්මක කඩිනම් සේවා ලබාදීමට ඉතා වැදගත් දේවල් පීපල්ස් ලීසිං සමාගමේ දැවැන්ත ප‍්‍රජා සත්කාරයක් ලෙස කළ බව සිහිපත් කිරීමට කැමතියි. එමෙන්ම තව තවත් මෙවැනි දේ සමාජය වෙනුවෙන් සිදු කිරීමට ශක්තිය ලැබේවායි යන්න අපේ ප‍්‍රාර්ථනයයි.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරුඹුණු පීපල්ස් ලීසිං සමාගම ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගත කිරීම් අනුව AA-(1ka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 6 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2018 හිදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන් ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම මූල්‍ය සාක්ෂරතාව නංවාලීම, මුල් ළමාවිය සුරුකුම් පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීම හා ප‍්‍රජාවන් සවිබල ගැන්වීමට කටයුතු කරන සමාගමකි.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරා ගැනීමට සිය ගනුදෙනුකාර භවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.