2017 මාර්තු 04 වන සෙනසුරාදා

එටිසලාට් ලංකා සහ ZTE වෙතින් ව්‍යාපාරකරණයට සහායක පද්ධතියක්

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

එටිසලාට් ලංකා සමාගම පාරිභෝගික අත්දැකීම ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් දක්වන කැපවීම ඉහළ නංවමින් ZTE සමසහයෝගීත්වයෙන් බිල් කිරීම් කළමනාකරණ විසඳුමක් billing management solution& හඳුන්වා දී තිබේ. 
සම්ප‍්‍රදායික ආකෘතීන්හි සිට ඩිජිටල් තොරතුරැ තාක්ෂණ පද්ධතීන් වෙත පිවිසීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් එටිසලාට් ලංකා සමාගම සිය ග‍්‍රාහකයින් ඩිජිටල් ලෝකයට රැගෙන ඒමේ කාර්ය විශිෂ්ඨ ලෙස ඉටු කරමින් සිටී.
 

ZTE සමසහයෝගීත්වයෙන් අපගේ පාරිභෝගික අත්දැකීම ඉදිරියට රැගෙන යාමට අපට හැකිවී තිබෙනවා. අප සතු වැඩි දියුණු කළ තාක්ෂණ විසඳුම් සමඟ ඉදිරියේ ඇති තරගකාරී ජංගම විදුලි සංදේශ වෙළෙඳපොළ වෙත පිවිසීමේ හැකියාව අප සතුයි. යනුවෙන් එටිසලාට් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සුලෙයිමාන් අල්කාබි මහතා සිය අදහස් දැක්වීය. සිය නවතම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් ZTE සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් වෑන් මහතා මෙලෙස සිය අදහස් දක්වා සිටියේය. අපගේ සංසරණ බිල් කිරීම් විසඳුම convergent billing solution& සමග නම්‍යශීලී මිල නියම කිරීම් ක‍්‍රමෝපායක් සහ තරගකාරී පැකේජයන් ක‍්‍රියාත්මක කරන්නට එටිසලාට් ලංකා සමාගමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම දිනෙන් දින ඉහළ යන ඔවුන්ගේ පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය පහසුකම් සැපයීමටත් එටිසලාට් ලංකා සමාගමේ පුද්ගලික සහ ආයතනික පාරිභෝගික ප‍්‍රජාවට අවශ්‍ය පුද්ගලගත නිපැයුම් ලබාදීමටත් දැන් එටිසලාට් ලංකා සමාගමට හැකියාව තිබෙනවා.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00