2019 ජුනි 29 වන සෙනසුරාදා

ඉංග‍්‍රීසි ගුරු පුහුණුව ලබාදෙන්නන්ට යහපත් මූල්‍ය භාවිතය පිළිබඳ NDB සැසිවාර

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

වගකීම් සහගත ආයතනික පුරවැසියකු වශයෙන් සිය සමාජ වගකීම නිරන්තරවම පෙන්නුම්කරමින් බොහෝ වැඩමුළු පවත්වන්නට NDB කටයුතු කරන අතර, අධ්‍යාපන අංශය සඳහා එහිදී සුවිශේෂී අවධානයක් යොමු කෙරේ. අනාගත ශ‍්‍රී ලාංකික දරු පරපුරේ ඉංග‍්‍රීසි දැනුම ඉහළ නැංවීමෙහි ඇති වැදගත්කම පිළිබඳව හඳුනාගනිමින්, බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග හවුල්කාරීත්වයක් ගොඩනංවාගත් NDB, ද්විතීයික පාසල් ඉංග‍්‍රීසි ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාවන් හා දැනුම ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නැංවීය. 2009 වර්ෂයේ සිට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙන NDB, ශ‍්‍රී ලංකාවේ සෑම පළාතකම ගුරුවරුන් දහසකට අධික සංඛ්‍යාවකට ප‍්‍රතිලාභ ලබාදීමට කටයුතු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවා තිබේ. එය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දිවයින පුරා පිහිටුවා තිබෙන ප‍්‍රාදේශීය ඉංග‍්‍රීසි සහයෝගිතා මධ්‍යස්ථාන RESC හරහා ක‍්‍රියාවට නංවන ලදී. ව්‍යාපෘතිය අදියර තුනකින් සමන්විත වේ. සෑම තෝරාගත් ප‍්‍රාදේශීය ඉංග‍්‍රීසි සහයෝගිතා මධ්‍යස්ථානයකදීම ගුරැවරැන් පුහුණුකරවන්නන් සඳහා කඩිනම් පුහුණුවක්ද ලබාදෙයි. ඔවුන් ලබාගත් දැනුම අවසානයේදී පුහුණුව ලබන ගුරැවරැන්ට හිමිවේ. මෙම ශකඛ්‍යතා සංවර්ධන ක‍්‍රියාවලිය පාඨමාලාවේ සෑම අදියරක්ම ආරම්භයට පෙරාතුව ක‍්‍රියාත්මක කරයි. ව්‍යාපෘතියේ සෑම අදියරක්ම ආරම්භයේදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ උපදේශකවරුන් විසින් මෙහෙයවන පුහුණුකරවන්නන් පුහුණු කිරීමේ වැඩමුළු සඳහා ප‍්‍රාදේශීය ඉංග‍්‍රීසි සහයෝගීතා මධ්‍යස්ථාන පුහුණුකරවන්නෝ සහභාගී වෙති. මෙම වැඩමුළු මගින් ප‍්‍රථමයෙන්ම තම වැදගත් හැකියාවන් හඳුනාගැනීමේ හැකියාව සංවර්ධනය කරන අතර, පාඨමාලාව ක‍්‍රියාත්මක කිරීම ඉන්පසුව සිදුවේ. පාඨමාලාව හැදෑරීම සඳහා ඔවුන්ගේ හැකියාවන් ඔප්නැංවීම එමගින් සිදු කෙරේ. වසර අවසානයේදී ප‍්‍රාදේශීය ඉංග‍්‍රීසි සහයෝගිතා මධ්‍යස්ථාන ජාලයෙහි  මධ්‍යස්ථාන දහය තුළින් විශිෂ්ට පුහුණුවක් ලද පුහුණුකරවන්නන් 20ක් බිහිවන අතර ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ඔවුන් පූර්ණ පළපුරුද්දකින් සමන්විත වනු ඇත. 

මෙම ව්‍යාපෘතියට තවත් අමතර අගයක් එක්කරමින් Financial Health for a better tomorrow නමින් විශේෂිත වැඩසටහනක් බැංකුව විසින් හඳුන්වා දී ඇත. මූල්‍ය සැලසුම්කරණය හා ඉතිරි කිරීම පිළිබඳව විශිෂ්ට දැනුවත්භාවයක් ලබාදීමට මෙම වැඩසටහන මගින් කටයුතු කෙරෙන අතර, එය තනි අයකුට පමණක් ප‍්‍රයෝජනවත් වන්නක් නොව සමස්ත රටටම විශාල ප‍්‍රතිඵලයක් ගෙන දීමට සමත්වනු ඇත. මූල්‍ය කළමනාකරණය සම්බන්ධව විශිෂ්ට දැනුමක් සහිත NDB වෙළෙඳ කළමනාකරු - නිරංජන් සිල්වා මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවීම සිදුකරන ලදී. මූල්‍ය හැකියාව පරීක්ෂාව, මූල්‍ය ගලනය කළමනාකරණය, නිවැරදි ඉතිරි කිරීමේ විධි, පොලී අනුපාත චක‍්‍ර, පුද්ගලික ශේෂ පත‍්‍ර, ණනය ගැනීම්, ණය යෝග්‍යතාවය, ආයෝජන පිරමීඩය සහ ඔබේ විශ‍්‍රාමය සැලසුම් කිරීම වැනි විෂය කරුණු පිළිබඳව දැනුම ලබාදීම ඊට අන්තර්ගත විය.

මූල්‍ය සැලසුම්කරණය සහ මූල්‍ය උත්පාදනය සඳහා පරීක්ෂාකාරී බව ඉතාම අවශ්‍ය වන අතර නිවැරදි උපදේශකයින් හා ක‍්‍රමෝපායන් භාවිතය ඉතා වැදගත් වේ. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය උදෙසා හිමිවන ලොව එකම සහතිකකරණය වන EDGE සහතිකකරණයෙන් පිදුම් ලැබූ ප‍්‍රථම සහ එකම ශ‍්‍රී ලාංකික ආයතනය වන NDB බැංකුව NDB සමූහයේ ප‍්‍රධානතම සාමාජිකයාය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00