2019 ජුනි 22 වන සෙනසුරාදා

මොබිටෙල් දකුණු ආසියාවේ ප‍්‍රථම සහ වේගවත්ම 5G ජංගම දුරකථන ජාලය බවට පත් වෙයි

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 141

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, පසුගියදා දකුණු ආසියාවේ ප‍්‍රථම වරට 5G වාණිජ ජංගම දුරකථනයක් භාවිත තර එම කලාපයේ වාර්තා වූ ඉහළම 5G දත්ත වේගය වූ 1.55Gbps සනිටුහන් කළේය.

5G වාණිජ ජංගම දුරකථන භාවිතයෙන් දකුණු ආසියාවේ ප‍්‍රථමවරට සිදුකළ ආදර්ශනයෙන් අනතුරුව, මෙම 1.55Gbps වාර්තාගත දත්ත වේගය සමඟින් මොබිටෙල් ජාතයන්තර ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ තවත් සන්ධිස්ථානයක් පසු කිරීමට මොබිටෙල් සමත් විය.

මෙම ජයග‍්‍රහණයත් සමඟ මොබිටෙල් ආයතනය දකුණු ආසියාවේ ප‍්‍රථම 5G දුරකථන ජාලය ලෙස අන්තර්ජාතිකව පිළිගත් වේගමාන විෂ්ලේශක ආයතනයක් වන OOKLA ආයතනය විසින් නිල වශයෙන් පිළිගැනීම ශ‍්‍රී ලාංකික අප සැම ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයකි.

මෙම 1.55 Gbps වූ වාර්තාගත දත්ත වේගය Huawei සමාගෙමේ 5G සන්නිවේදන උපකරණ භාවිතයෙන් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් වෙන්කළ 3’6 GHZ ආදර්ශ සංඛ්‍යාත පරාසය තුළ ලබාගන්නා ලදී. එය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ ඉදිරි දැක්ම අනුව යමින් ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ ක්ෂේත‍්‍රයේ නිම් වළලු පුළුල් කිරීමේ තවත් ඉදිරි පියවරක් වනු නොඅනුමානය.

5G තාක්ෂණය හා සබැඳි අන්තර්ජාල සේවාවන් තුළින් අධිවේගී ගිගාබීට් දත්ත වේගයට අමතරව එය සතු Ultra Reliable සහ Low latency හැකියාවන් හේතුවෙන් ලොව පුරා සියලුම ක්ෂේත‍්‍රයන්ගේ විප්ලවීය වෙනසක් සිදුවේ යැයි අපේක්ෂා කළ හැක.
ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් පසුගිය අප්‍රේල් මස 5 වැනි දින දකුණු ආසියාවේ ජංගම දුරකථනයක් මඟින් ප‍්‍රථම ප‍්‍රදර්ශනය කළ ඉහළම 5G අන්තර්ජාල වේගය සනිටුහන් කිරීමට සමත් විය. මෙය ගෝලීය වශයෙන් ද ඉදිරි පිම්මක් වන අතර ඇමරිකාව (2019 අප්‍රේල් මස 2) සහ දකුණු කොරියාව (2019 අප්‍රේල් මස 4) මීට ප‍්‍රථම වාණිජ ජංගම දුරකථනයක් හරහා 5G අන්තර්ජාල වේගයක් සිය 5G ජාලයන්හි ප‍්‍රදර්ශනය කිරීමට සමත් විය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00