2019 ජුනි 01 වන සෙනසුරාදා

පීපල්ස් ලීසිං සමාගමෙන් මන්නාරමේ සිට තංගල්ල දක්වා වෙරළබඩ ශාඛා 5500ක්

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ තවත් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මන්නාරමේ සිට තංගල්ල දක්වා මුහුදුබඩ ප‍්‍රදේශයෙහි පැල 5500ක් සිටුවීමේ වැඩසටහනක් පසුගියදා කි‍්‍රයාත්මක කෙරුණි. වෙරළ ඛාදනය වැළැක්වීම, කලපු ආශ්‍රිත පරිසර පද්ධති සංරක්ෂණය හා ගෝලීය උෂ්ණත්වය අවම කිරීමේ අරමුණෙන් ‘ජෛව සංරක්ෂණ සංගමය’ (Bio Conservation Society)  හා ‘වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ’ සහයෝගීතාවෙන් සිදු කළ මෙම පැල සිටුවීමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මන්නාරෙම සිට තංගල්ල දක්වා මුහුදුබඩ තීරයේ (එරුක්කලම්පිඩි) මන්නාරම, (කන්දකුලිය) පුත්තලම, (කරුකුපනේ) හලාවත, (දුන්ගල්පිටිය) මීගමුව, (පොතුපිටිය) පානදුර, (අතුරුවැල්ල) අළුත්ගම, (අහුන්ගල්ල) අම්බලන්ගොඩ, (මහමෝදර) ගාල්ල, (මිදිගම) මාතර හා (කපුහේන්වල) තංගල්ල යන ස්ථාන 10ක වැටකෙයියා පැල 4,500ක් හා කඩොලාන පැල 1,000ක් රෝපණය කරන ලදී. මෙම වැඩසටහනට මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, පානදුර, අළුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල, මාතර හා තංගල්ල පීපල්ස් ලීසිං ශාඛා කළමනාකරැවන් හා එහි කාර්ය මණ්ඩලය තම පූර්ණ සහයෝගීතාව ලබා දුන්හ. මෙම වෙරළ සංරක්ෂණය සඳහා පැල සිටුවීමේ සමාජ සත්කාරක වැඩසටහනට අමතරව කැස්බෑවන් ඇතුළු වෙරළ පරිසර පද්ධතියේ සංරක්ෂණයෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්කිරීමේ වැඩමුළු 10ක් එම ප‍්‍රදේශවාසීන් හා පාර්ශ්වකරැවන් වෙනුවෙන් පැවත්වීම විශේෂත්වයකි. එමෙන්ම පැල රෝපණ කි‍්‍රයාවලියට දිරිගැන්වීමක් ලෙස එම පැල රෝපණ වැඩසටහන් හා වැඩමුළුවලට සහභාගීවූවන්ට සහතිකපත්ද පිරිනැමුණි.

එයට අමතරව වනජීවී දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා පොලීසිය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, එම ප‍්‍රදේශවල රජයේ පාසල්වල දරැවන්, සමාජ සංවිධානවල සාමාජිකයන් සහයෝගීතාව දැක්වූ මෙම වැඩසටහනට සමගාමීව වෙරළ තීරය පවිත‍්‍ර කිරීමේ ශ‍්‍රමදාන වැඩසටහන් මාලාවක් පැවැත්විණි. මෙම වැඩසටහනෙහි තවත් විශේෂත්වයක් වන්නේ පැල රෝපණයට එක්වූ ප‍්‍රජා මූලික සංවිධාන විසින් ඔවුන් පැල රෝපණය කළ කොටස රැකබලා ගැනීමේ වගකීමද ස්වේච්ඡාවෙන් භාරගැනීමය.

මන්නාරම සිට තංගල්ල දක්වා වෙරළ තීරයෙහි පැල රෝපණය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘ශ්‍රී ලංකාවේ වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු ලෙස අප සමාගම මෙරට ජනජීවිතය නගාසිටුවීම හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන සමාගමක්. අප සමාගම තම ශාඛා ජාලයෙහි සහයෝගීතාව සමඟ විවිධාකාර සමාජ සත්කාරක වැඩසටහන් දිවයින පුරාම නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරනු ලබනවා. මන්නාරමේ සිට තංගල්ල දක්වා වෙරළ තීරයෙහි සිදුකළ මෙම පැල රෝපණය කිරීමද එවැනි වැඩසටහනක්. ඒ සඳහා ‘ජෛව සංරක්ෂණ සංගමය’ අපට ලබාදුන් උපදෙස් හා සහයෝගීතාව විශේෂයෙන්ම සිහිපත් කළ යුත්තක්. ඉදිරියේදීද මෙම කටයුතු තවදුරටත් රටපුරා ව්‍යාප්ත කිරීමට අප සමාගම අදහස් කරනවා.’ යනුවෙනි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මෙම පැල රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කළ ‘ජෛව සංරක්ෂණ සංගමය’ වෙරළබඩ ජෛව සංරක්ෂණය හා මුහුදු කැස්බෑවන් සංරක්ෂණයෙහි ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ආයතනයක් වන අතර එහි සභාපතීත්වය දරන්නේ කැස්බෑ සංරක්ෂණ විශේෂඥයෙකු හා එම විෂය සම්බන්ධයෙන් දෙස් විදෙස් සම්මන්ත‍්‍රණවල ප‍්‍රකට දේශකයෙකු වන ආචාර්ය ලලිත් ඒකනායක මහතා විසිනි.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00