2019 මැයි 18 වන සෙනසුරාදා

ඩිජිටල් මුදල් නව්‍යකරණයට මොබිටෙල්, මාස්ටර්කාඩ් සමඟ හවුල් වේ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 308

මොබිටෙල් සතු ජංගම මුදල් හුවමාරු ක‍්‍රමය වන mCash ශ්‍රී ලංකාව තුළ සිය ඩිජිටල් සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා මාස්ටර්කාඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ ඇත. මෙම හවුල්කාරීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස mCash ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් යෙදවුම් සහ සේවාවන් වැනි විශේෂිත පහසුකම් රැසක් බුක්තිවිඳීම අපේක්‍ෂා කළ හැකි  අතරම, වඩාත් කාර්යක්‍ෂම සහ පහසුම මුදල් හුවමාරු ක‍්‍රමය වන mCash ක‍්‍රමයේ වඩාත් ව්‍යාප්ත වූ ප‍්‍රතිලාභයන් ලබා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත. mCash සහ මාස්ටර්කාඩ් අතර හවුල්කාරිත්වය මගින් සිය ගනුදෙනුකරැවන්ගේ ඩිජිටල් ගනුදෙනු හැකියාවන් තවදුරටත් බලගැන්වීම තුළින් 16,000 කට අධික හවුල්කාර ජාලය හරහා mCash සේවාවන් ළඟාකර දීමට අපේක්‍ෂා කරනු ලබයි.  මෙවන් හවුල්කාරීත්වයන් සමඟ සිය ගනුදෙනුකරැවන්ට සහ හවුල්කරැවන්ට ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් සේවාවන් ලබාදීමටත් එමගින් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගනුදෙනුකරණය සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමේ සිය අරමුණ සපුරා ගැනීමටත් mCash මහත් පරිශ‍්‍රමයක් දරනු ඇත.

ජාතික ජංගම දුරකථන සේවා සපයන්නා වන මොබිටෙල් සමාගමේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ද අනුමැතිය සහිතව 2013 වසරේ නොවැම්බර් මාසයේ දී දියත්කරන ලද mCash ඩිජිටල් මුදල් ගනුදෙනු ක‍්‍රමය ජංගම මුදල් පසුම්බියක් ලෙස සැළකිය හැකි අතර, එය නවීන විදුලි සංදේශ යටිතල පහසුකම් උපයෝගීකරගෙන ජංගම දුරකථනයක් භාවිතයෙන් පහසුවෙන්, ක්‍ෂණිකව සහ ආරක්‍ෂිතව මුදල් ගනුදෙනු සිදුකළ හැකි ක‍්‍රමවේදයකි. ගනුදෙනුකරැවන් වෙත ළඟාවීම සහ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඩිජිටල් මුල්‍ය පහසුකම් වැළඳගත හැකිවන පරිදි දිවයින පුරා පැතිර ඇති බෙදාහැරීමේ ජාලයක් සහිත වීම වැනි ප‍්‍රධාන තරගකාරී වාසි වලින් දිවයිනේ සමස්ත මූල්‍ය කර්මාන්තයටම ප‍්‍රතිලාභ ලබාගත හැකි මූල්‍ය සේවාවන් සැපයීමේ චාරිකාවක් මොබිටෙල් සමාගම මගින් ආරම්භ කරන ලදී.  

මුදල් යැවීම සහ ලබාගැනීම, ජංගම දුරකථන රී-ලෝඩ් කිරීම සහ බිල්පත් ගෙවීම, උපයෝගීතා සහ ආයතනික ගෙවීම්, ගෝලීය EMVCo ප‍්‍රමිති තත්වයන්ට සංවර්ධනය කර ඇති mCashQR තුළින් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම් බැංකු තැන්පතු සිදුකිරීම් මෙන්ම, mCash හරහා ගනුදෙනුකරැවකුට ජංගම දුරකථනයකින් ණය ඉල්ලුම්කිරීම සහ ලබාගැනීම වැනි සේවා රුසක්  ලබාදෙයි. mCash සේවාව සක්‍රිය කර ගැනීම සඳහා ඔබගේ මොබිටෙල් හෝ එටිසලාට් ජංගම දුරකථනනේ #111# අංකනය කර mCash ගිණුම භාවිතා කිරීම අරඹන්න. දිවයින පුරා පිහිටි මොබිටෙල් ශාඛා, ටෙලිකොම් ටෙලිෂොප්, සිංගර් ප‍්‍රදර්ශනාගාර, අබාන්ස් ප‍්‍රදර්ශනාගාර. කීල්ස් සුපිරි වෙළඳසැල්, ලංකාබෙල්, අමානා බැංකු, ක්‍ෂණික ගෙවීම් සිදුකළ හැකි මොබිටෙල් ගෙවීම් කවුළු, සණස සංවර්ධන බැංකුව වැනි 16,000 කට අධික සුවිශේෂී සේවා මධ්‍යස්ථාන ජාලය මගින් mCash ගිණුමට මුදල් බැරකළ හැකිය. එසේ නොමැති නම්, ඍජුවම  mCash යෙදවුම මගින් ඔබගේ බැංකු ගිණුමෙන් හෝ කොමර්ෂල් බැංකුව. හැටන් නැෂනල් බැංකුව. පෑන් ඒෂියා බැංකුව හෝ කාර්ගීල්ස් බැංකුවේ ජංගම හෝ අන්තර්ජාල බැංකුකරණය මගින් mCash ගිණුමට මුදල් බැරකළ හැකිය.