2019 මැයි 11 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ප්‍රධානීන් දෙදෙනෙක්

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 187

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ ගෞරවාන්විත සාමාජිකයකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නව ප්‍රධාන වාණිජ නිලධාරිවරයා ලෙස ජොශුවා බුස්ටොස් (Joshua Bustos) මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස ශමින්ද සමරවීර මහතා අප්‍රේල් මස සිට පත්කර තිබේ.

බුස්ටෝස් මහතා වසර 20ක පළපුරැද්දක් සහිත ජාත්‍යන්තර මට්ටමේ ජ්‍යෙෂ්ඨතම ගුවන් සේවා නිලධාරීවරයෙකි.

ඒ මහතා ඇමෙරිකන් එයාර්ලයින්ස්, ස්පිරිට් එයාර්ලයින්ස්, සවුත් ඇෆ්රිකන් එයාර්වේස්, ටයිගර් එයාර්වේස්, සැබ්රේ එයාර්ලයින්ස් සොලූෂන්, සෆී එයාර්වේස් සහ KPMG වැනි ප්‍රධාන පෙළේ ගුවන් සේවා ආයතනවල ප්‍රධාන තනතුරු රැසක් හොබවා තිබේ. ඔහු සවුත් ඇෆ්රිකන් එයාර්වේස් හි සේවා කාලය තුළදී Network Sounding Board මණ්ඩලයේ සහ ආදායම් කළමනාකරණ උපදේශක මණ්ඩලයේ සේවය කළේය.

මියාමි විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සහ ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති බුස්ටෝස් මහතා මියාමි ෆ්ලොරිඩා ඇට්ලාන්ටික් විශ්වවිද්‍යාලය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි Witwatersrand විශ්වවිද්‍යාලවල අඛණ්ඩ අධ්‍යාපන කටයුතු සඳහා සම්බන්ධ වී තිබේ.

බුස්ටෝස් මහතා ලාංකිකයන් සහ විදේශීය ජාතිකයන් ඇතුළත් වූ සම්මුඛ පරීක්ෂණයෙන් පසු එම තනතුරැ සඳහා තෝරාගනු ලැබ සිටී.

ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා ලෙස තෝරා පත්කරගන්නා ලද සමරවීර මහතා වසර 15කට වැඩි කාලයක සිට විදුලි සංදේශ, බැංකු සහ නාවික කටයුතු ඇතුළු ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආයතන රැසක අත්දැකීම් දරා තිබේ. එටිසලාට් ලංකා, ලංකා දුම්කොළ සමාගම, CTC, ඩයලොග් ආසියාටා පී.එල්.සී. සහ උතුරු ඇමරිකාවේ NAVTEQ වැනි ප්‍රධාන පෙළේ ආයතන රැසක තනතුරු හොබවා ඇත.

ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ විදුලි සංදේශ ඉංජිනේරැ උපාධියක් ලබා ඇති අතර ඊට අමතරව උතුරු ඩ්කෝටා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍ර වේදී උපාධි කිහිපයක් හිමිකරගෙන තිබේ. හෙතෙම වරලත් ගෝලීය කළමනාකරණ ගිණුමේ (USA) සාමාජිකත්වය හා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (UK) සාමාජිකයෙකි.

ශ්‍රීලංකන් ගුවන් සේවය නව බඳවා ගැනීම් සඳහා දැඩි ක්‍රියා පටිපාටියක් අනුගමනය කරනු ලබන අතර එහිදී පුද්ගලයාගේ සුදුසුකම් පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ වාර්තා සහ හැසිරීම් පිළිබඳවද අධ්‍යයනය කරනු ලබයි. විශේෂයෙන් විදේශීය ජාතිකයන් බඳවා ගැනීමේදී අදාළ විදේශ බලධාරීන්ගෙන් අවශ්‍ය නිශ්කාෂණ වාර්තා පත්වීම ලබාදීමට පෙර ලබාගැනීම සිදුකරයි.

බුස්ටෝස් මහතා සහ සමරවීර මහතා ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ එක්වීම පිළිබඳව කළමනාකාරීත්වය සතුටු වන අතර ඉදිරි වසරවලදී ජාතික ගුවන් සේවය මූල්‍යමය වශයෙන් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඔවුන්ගේ විශේෂඥභාවය සහ නායකත්වය අත්‍යවශ්‍ය වනු ඇත.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00