2019 මැයි 11 වන සෙනසුරාදා

විපතට පත් ජනතාවට මොබිටෙල් පිහිට

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

පාරිභෝගිකයන්ට රුපියල් මිලියන 850 කට වඩා වටිනා රීලෝඩ් සහ වෙනත් සේවා පහසුකම් සපයමින් මොබිටෙල් ආයතනය ශෝකයට පත්වුණු ජාතිය යහපත් සබඳතාවන්ගෙන් එකමුතු කිරීමට කටයුතු කළේය.

ජාතියේ ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල්, අනපේක්ෂිත පාස්කු ඉරැදින ප‍්‍රහාරයෙන් විපතට පත්වූ සියලු පවුල්වල ජනතාවට තම හදපතුලෙන් එන ශෝකය ප‍්‍රකාශ කළේය. මෙම අවස්ථාව මුළු රටම අප‍්‍රමාණ කම්පාවට සහ භීතියට පත්වූ අවස්ථාවක් ලෙස සැලකිය හැක. මෙම අමානුෂික ප‍්‍රහාරයෙන් අනතුරට පත්වී පවුලේ සාමාජිකයන් අහිමි වූ පුද්ගලයන් සහ තුවාල ලැබූ පුද්ගලයන් තනි නොකරන්නට රටේ ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් ඉදිරියට පැමිණේ. පවතින රුදුරු අභියෝගයන්ට එරෙහිව එඩිතරව මුහුණ දෙමින් රටේ සියලු පුරවැසියන් එකාවන්ව නගා සිටුවීමට අපට අවස්ථාව ඇති අතර ශ‍්‍රී ලාංකිකයන් ලෙස අපේ එකමුතුබවේ ශක්තිය කාටවත් පැරදිය නොහැකි බව මෙහිදී පෙන්විය හැක.   

මේ දුෂ්කර අවස්ථාවේ මොබිටෙල් සැමදා ඔබ සමඟ සිටී. සැමදා ඔබගේ පැත්තේ සිට ගනී. එමෙන්ම ඔබ සහ ඔබේ ආදරණීයන් අතර සබඳතාව නොකඩවා ලබාදීමට සහතික විය. දවසේ පැය විසිහතර පුරා අවිවේකීව මොබිටෙල් ජාලය සිය සේවා කටයුතු ඉදිරියට පවත්වාගත් අතර, මේ අවාසනාවන්ත සිද්ධියේදී සිය පාරිභෝගිකයන්ට සහයෝගය දීම සඳහා නොපමාව කැප වී කටයුතු කළේය. මෙවන් ම්ලේච්ඡ ප‍්‍රහාරයකින් අනතුරුව මුළු ජන සමාජයම අකර්මණ්‍ය වන අතර සියලු දෙනා බැහැර ගොස් සිටින තම පවුලේ ආදරණීයන් සම්බන්ධ කරගැනීමට වෙහෙසෙයි. එහිදී කිසිදු බාධාවකින් හෝ ප‍්‍රමාදයකින් තොරව සන්නිවේදන ජාලය තුළින් තම පවුලේ අය සහ හිතමිතුරන් ඇමතීමට සුවදුක් විමසීමට හැකියාව තිබීම අත්‍යාවශ්‍ය වේ. තමන් විසින් කළ යුතු ජාතික කර්තව්‍යයක් ලෙස එය සිහියේ තබාගෙන මොබිටෙල් විසින් සියලු පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා නොමිලේ රැපියල් 100 රීලෝඩ් ලබාදීමට කටයුතු කළේය. එමෙන්ම තම පසු ගෙවුම් පාරිභෝගිකයන් බිල් අපහසුතාව නිසා සිදුවන සබඳතා විසන්ධි කිරීම තාවකාලිකව නතර කරමින් දිගටම සබඳතාවය පවත්වාගැනීමට පහසුකම් සැළසීය. 

මෙම අවාසනාවන්ත කාල සීමාව පුරා රුපියල් මිලියන 850කට වැඩි වටිනාකමක් ඇති සන්නිවේදන සේවා සිය ආදරණීය පාරිභෝගිකයන් උදෙසා නොමිලේ ලබාදීමට මොබිටෙල් දායකත්වය සැපයීය. මෙම ආදරණීය මෙහෙවර සිය පාරිභෝගිකයන්ට තමන්ගේ ආදරණීයන් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව උදාකළා මෙන්ම ජාතික ජංගම දුරකථන ජාලය ලෙස ‘ඔබ සමඟයි සැමදා’ යන සංකල්පය ඉදිරියට ගෙනියමින් ජාතික මෙහෙවරකට දායක විය.

මෙම දුෂ්කර කාල පරාසයේදී සියලු මොබිටෙල් පාරිභෝගිකයන්ට නොකඩවා සිය සේවාව ලබාදීමට කැපවුණු අතරම මොබිටෙල් වෙබ් අඩවියට පිවිස ඒ හරහා තමන්ගේ දුරකථනයට රීලෝඩ් දමා ගැනීමේ අවස්ථාව දැනුමත් කළේය. මීට අමතරව, පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා ඕනෑම සුපිරි වෙළඳසැලක් හරහා රීලෝඩ් දමා ගැනීමේ අවස්ථාව, pay and go යන්ත‍්‍ර හරහා රීලෝඩ් දැමීම, දිවයින පුරා විහිදී ඇති ලංකා බැංකු සහ කොමර්ෂල් බැංකු යන්ත‍්‍ර ATM හරහා රීලෝඩ් කිරීම මගින් ඔවුන්ට ආරක්ෂාකාරීව තමන්ගේ ආදරණීයන් ගැන සොයා බැලීමේ අවස්ථාව උදාකර දීමට මොබිටෙල් සමත්විය. තවද, මේ විනාශකාරී ප‍්‍රහාරයේ දී තම සිම්පත් අහිමි වූ පාරිභෝගිකයන්ට එම අංකයටම නැවත අලූත් සිම්පතක් ඉක්මනින්ම නොමිලේ ලබාදීමට මොබිටෙල් සහතික විය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00